රාජ්‍ය වාහන හෝ දේපළ අවභාවිතය පිළිබඳ දැනුම් දීම සඳහා පොලිසියෙන් දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
1997 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ එම දේපළ සහ වාහන පිළිබඳව දැනුම් දිය හැකිය.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ එලෙස නිවැරදි තොරතුරු දන්වන පුද්ගලයින්ට පොලිසියෙන් ත්‍යාගයක් ලබාදෙන බවය.
එමෙන්ම, එලෙස තොරතුරු සපයන්නාගේ රහස්‍යභාවයද ආරක්‍ෂා කෙරෙන බවද වැඩබලන පොලිස්පතිවරයා අවධාරණය කලේය.