පුවත්

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඡන්ද විමසීමකින් තොරව සම්මතයි

Published

on

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන ලද රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ.

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ විවාදය ඊයේ (03) පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වාත් අද (04) පෙ.ව 9.30 සිට ප.ව 5.00 දක්වාත් දෙදින විවාදයක් ලෙස පැවැත්වුණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය නොවැම්බර් 21 වනදා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කලේය.

මේ අතර පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඇතිවූ ආපදා තත්ත්වය පිළිබද සභාව කල්දැමීමේ විවාදය ද අද (04) පැවැත්වීමට නියමිතය.

කථානායක ආචාර්ය අශෝක රන්වලගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පැවති පක්ෂ නායක රැස්වීමේදීයි එම තීරණය ගෙන ඇත.

ඒ අනුව අදාළ විවාදය අද පස්වරු 05.30 සිට රාත්‍රී 09.30 දක්වා පැවැත්වෙනු ඇත.

Trending

Exit mobile version