පුවත්

රජයේ මුද්‍රණාලයේ ආරක්ෂාව තර කරයි

Published

on

රජයේ මුද්‍රණාලයට අද (29) සිට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දී තිබේ.

ඒ, ජනාධිපතිවරණයට අදාළ ලිපි ද්‍රව්‍ය මුද්‍රණය කිරීම ආරම්භ කිරීම හේතුවෙනි.

වෙනම පොලිස් මුර පොළක් පිහිටුවීමටද කටයුතු කරගෙන යන බවට තොරතුරු වාර්තා වේන අතර රජයේ මුද්‍රණාලයේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ද අද පැමිණ සිටියහ.

ජනාධිපතිවරණයට අදාළ ලිපි ලේඛන රැසක් මැතිවරණ කොමිෂන් සභාවට දැනටමත් භාරදී ඇති බව රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානි කල්පනා ලියනගේ මහත්මිය ප්‍රකාශ කලාය.

Trending

Exit mobile version