රජයේ වාහන දෙකකට වඩා ළග තබාගෙන සිටින හිටපු ජනාධිපතිවරුන්ට එම අතිරේක වාහන වහාම භාරදෙන ලෙසට ජනාධිපති ලේකම්වරයා ඉල්ලීමක් කර තිබේ.
අමාත්‍යවරුන්ගේ කාර්යන් සහ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා රජය උපදෙස් මාලාවක් නිකුත් කර තිබුණි.
ඊට අනුව අමාත්‍යවරුන්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ මෙන්ම හිටපු ජනාධිපතිවරුන්ට පරිහරණය කිරීම සඳහා වෙන්කරන ලද නිල වාහන සංඛ්‍යාව උපරිම වශයෙන් දෙකක් ලෙසයි සඳහන් කර ඇත.
එහෙත් අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් අදාළ උපදෙස් වලට අනුව ක්‍රියා කරද්දි තවමත් හිටපු ජනාධිපතිවරුන් වාහන දෙකකට වඩා භාවිත කරන බවට තොරතුරු ලැබී ඇත.