පුවත්

රජයේ විධායක නිලධාරීන්ගේ දීමනා ඉහළට

Published

on

රජයේ විධායක නිලධාරින්ට ලබා දෙන මාසික විධායක දීමනාව රුපියල් 10,000 කින් ඉහළ නැංවීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පලාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව රුපියල් 15,000 ක් වූ ඔවුන්ගේ දීමනාව රුපියල් 25,000 ක් දක්වා ඉහළ යනු ඇති.

ලබන මස පළමුවැනිදා  සිට නව සංශෝධනය ක්‍රියාත්මකයි.

ඊට අදාළ චක්‍රලේඛනයද ඊයේ නිකුත් කෙරිණ.

කෙසේ වෙතත් තම ඉල්ලීම්වලට රජය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බව රජයේ විධායක නිලධාරින්‍ගේ ඒකාබද්ධ කමිටුව පවසයි.

Trending

Exit mobile version