Connect with us

පුවත්

GMOA වර්ජනය අත්හිටුවයි (Update)

Published

on

හෙට සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ අඛණ්ඩ වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් වෛද්‍යවරුන්ගේ DAT දීමනාව ජනවාරි මස වැටුප සමග ගෙවීම තාවකාලිකව අත්හිටුවමින් නිකුත් කළ ලිපිය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරමින් සෞඛ්‍ය ආයතන ප්‍රධානීන් වෙත ලිඛිත දැනුම්දීමත් සමග මෙම තීරණය කර තිබේ


(පෙර පුවත 2023 ජනවාරි 23, ප.ව.3:59)

රජයේ වෛද්‍ය නිලධාරීන් හෙට සිට අඛණ්ඩ වැඩ වර්ජනයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (24) සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

රජය විසින් මීට පෙර සඳහන් කළ පරිදි DAT දීමනාව ජනවාරි මාසයේ සිට ලබානොදීමට තීරණය කර ඇති බවට ලද තොරතුරකට අනුව එම සංගමය මෙම තීරණය ගෙන ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ සම්බන්ධයෙන් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

පුවත්

අදත් වැස්ස

Published

on

By

සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.

බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, දකුණ සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Continue Reading

පුවත්

සූර්ය බලශත්තියට කරන ගෙවීම් ගැන නිවේදනයක්

Published

on

By

බැටරිය සහිත වහළ මත සවිකරන සුර්ය කෝෂ පද්ධති සදහා කරන ගෙවීම් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රධාන ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා සදහන් කළේ, ඒකකයක් සඳහා රුපියල් 45 යි සත 80 ක මුදලක් ගෙවීමට තීරණය කර ඇති බවයි.

බැටරිය සහිත නව සබඳතා සදහා පමණක් එම ගාස්තු වැඩිකිරීම සිදුකෙරෙන බව ඔහු සදහන් කළේ ය.

වහළ මත සවි කර ඇති සුර්ය කෝෂ සදහා ඒකකයක් වෙනුවෙන් මීට පෙර කළ ගෙවීම රුපියල් 27 කි.

නව තීරණය කඩිනමින් ක්‍රියාවට නැංවීමට නියමිත බවද ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රධාන ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා පැවසුවේය.

(News1st)

Continue Reading

පුවත්

ව්‍යාජ සමාජ මාධ්‍ය වාර්තා ගැන යුද හමුදාවෙන් පැහැදිලි කිරීමක්

Published

on

By

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරයන අසත්‍ය කරුණු පිළිබඳ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසිනි නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ යුද්ධ හමුදාව මගින් කූඨ ලියකියවිලි සාදා සේනාධිනායක වන ජනාධිපතිවරයාගේ අනුමැතියකින් තොරව වංචාකාරී ලෙස නිලධාරීන් කිහිපදෙනෙකු යුද්ධ හමුදාවෙන් ඉවත්කර ඇති බවත්, තවත් නිලධාරීන් ගණනාවක් පෞද්ගලික කෝන්තර මත යුද්ධ හමුදාවෙන් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටිනා බවත් සමාජ මාධ්‍ය කිහිපයක පසුගියදා ප්‍රකාශ කර තිබුණු බවයි.

මෙසේ කර ඇති ප්‍රකාශයන් තුලින් ගම්‍ය වන්නේ ඔවුන් හට යුද්ධ හමුදාවේ පරිපාලන කටයුතු සබැඳිව නිසි අවබෝධයක් නොමැති බවත්, විවිධ පාර්ශව විසින් තමන්ගේ පටු අරමුණු ඉෂ්ඨ කරගැනීම සඳහා ඔවුන් වෙත ලබාදී ඇති තොරතුරු වගකීම් විරහිතව සමාජගත කරමින් සිටිනා බව යැයි හමුදාව පවසයි.

කෙසේ නමුදු ආරක්ෂක කරුණු හේතුවෙන් යුද්ධ හමුදාවේ සිදුවන සෑම කටයුත්තක්ම සමාජයට අනාවරණය කල නොහැකි නමුදු මෙම මතුකර ඇති කරුණ හේතුවෙන් යුද්ධ හමුදාව පෞද්ගලික න්‍යායපත්‍රයන් හා පලිගැනීම් මත ක්‍රියාකරන ආයතනයක් බවට මහජනතාව තුල වැරදි සිතුවිලි ඇතිවීමට ඉඩකඩ ඇති බැවින් ඒ පිලිබඳව පමණක් කරුණු ප්‍රකාශ කිරීමට අදහස් කරන බව ද හමුදාව පවසා තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved