පුවත්

රජයේ සහල් ගබඩා හිස්..! 

Published

on

ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සතු ගබඩාවල සහල් සංචිත නොමැති බව වාර්තා වේ.

එහි කොමසාරිස් ජනරාල් උපුල් ශාන්ත ද අල්විස් මහතා  සඳහන් කළේ රජයේ ගබඩා සතුව මේ වන විට පවතින්නේ ආධාර වශයෙන් මෙරටට ලැබුණු ආහාර සංචිත පමණක් බවය.

ආහාර සුරක්ෂිතතාවය අරමුණු කර ගනිමින් වසරකට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක සහල් සංචිතයක් පවත්වාගෙන යාම ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට පැවරී ඇති කාර්යභාරයක් වන නමුත් වසර ගණනාවක සිටම රජයේ ගබඩා වල එවැනි ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යාම සිදුව නොමැත.

ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් නිකුත් කළ විගණන වාර්තාවකින්ද මේ බව සඳහන් කර ඇති අතර එම දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යා යුතු මෙට්‍රික් ටොන් ලක්ෂයක සංචිතය සඳහා පසුගිය වසරේදි ලබාදි තිබූ රුපියල් කෝටි 20 ක ප්‍රතිපාදන ආපසු හරවා යවා ඇති බව අදාළ වාර්තාවේ සඳහන් වේ.

ආරක්ෂිත සහල් සංචිතයක් පසුගිය වසරේ ඔක්තෝබර් මාසය දක්වාම පවත්වාගෙන නොයාම හමුවේ අදාළ ප්‍රතිපාදන රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව වෙත මාරු කර යවා තිබේ.

මූලාශ්‍රය අද දෙරණ

Trending

Exit mobile version