පුවත්

රජයේ සුබසාධන ලයිස්තුවට නම දාගන්න පුලුවන් අන්තිම දවස 31දා

Published

on

රජයෙන් දෙන සුබසාධක ප්‍රතිලාභ සඳහා සුදුස්සන් හඳුනා ගැනීමේ කටයුතු මාර්තු 31 වැනිදායින් අවසන් වන බැවින් සමීක්ෂණ නිලධාරීන් වෙත කඩිනමින් නිවැරදි දත්ත ලබා දෙන්නැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඉල්ලා සිටීයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මකය.

සුබ සාධන ප්‍රතිලාභ ඉල්ලුම් කරමින් ලැබී ඇති අයදුම්පත් වලින් ලක්ෂ 11ක තොරතුරු තහවුරු කර ගැනීමේ කටයුතු අවසන් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 334කින් ලද අයදුම්පත් ලක්ෂ 37ක සුබසාධක දීමනා ලබා දීමට සුදුසුකම් පරීක්ෂා කිරීමේ කටයුතු අදියරෙන් අදියර සිදු කරමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.

ඒ අනුව දැනට තොරතුරු තහවුරු කොට අවසන් කර ඇති අයදුම්පත් අතරින් වැඩිම ප්‍රමාණයක් කළුතර දිස්ත්‍රික්කයෙන් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 46%ක් බව සඳහන් කළ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා බදුල්ල දිස්ත්‍රික්කයේ 34%ක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් 32%ක් ද ආදී වශයෙන් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි අයදුම්පත් ලක්ෂ 11ක තොරතුරු තහවුරු කර ගැනීම සිදු කර ඇති බව ද පැවසීය.

නියමිත දිනට පෙර නිවැරදි තොරතුරු සැපයීමට අපොහොසත් වන අදුම්කරුවන්ට සුබසාධක ප්‍රතිලාභ අහිමි විය හැකි බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කීය.

Trending

Exit mobile version