පුවත්

රජයේ සේවයට බඳවා ගැනීම් ගැන බලන්න කමිටුවක්

Published

on

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

රජය පවසන්නේ, කොමිෂන් සභා, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත ආයතන වල මෙන්ම පළාත් සභා වල කාර්ය මණ්ඩල නැවත සමාලෝචනය කර අත්‍යවශ්‍ය බඳවා ගැනීම් සිදු කිරීමත්, සේවා අවශ්‍යතා අනුව කාර්ය මණ්ඩල නැවත ස්ථානගත කොට උපරිම සේවාවක් ලබා ගැනීමටත් අවශ්‍ය පියවර ගැනීම මෙම කමිටුවේ අරමුණු බවය.

ඒ සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ සභාපතිත්වයෙන් යුත් නිලධාරි කමිටුව පත් කිරීම පිණිස  ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබීය.

Trending

Exit mobile version