රජය විසින් මෙරටට ඇණවුම් කළ සහල් තොග ලක් සතොස හා සමූපකාර හරහා බෙදා හැරීම අද(01) සිට ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි .
එහි සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ඇණවුම් කළ සහල්වල පළමු සහල් තොගය ලෙස සහල් මෙට්‍රික්ටොන් 780ක් මේ වනවිට දිවයිනට ලැබී ඇති බවය.
ඉන් සහල් මෙට්‍රික්ටොන් 200ක් ලක් සතොස හරහා අලෙවි කරන බව ද ඔහු ප්‍රකාශ කලේය.
එමෙන්ම, තවත් සහල් මෙට්‍රික්ටොන් 26000ක් ඇණවුම් කිරීම සඳහා මේ වනවිට ටෙන්ඩර් කැඳවා අවසන් කර ඇති බවද සභාපතිවරයා පවසා තිබේ.
ඊයේ (31) දින දහවල් 12 වන විට ආනයනය කර රේගුවෙන් නිශ්කාෂනය කර වරායෙන් පිටත් කර ඇති සමස්ත සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 79,000ක් බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කලේය.
රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා පැවසුවේ ආනයනය කර ඇති සහල් ප්‍රමාණය අතුරින් කැකුළු සහල් ටොන් 31,000ක් ද තැම්බූ සහල් ටොන් 48,000ක් ද වන බවය.
මේ අතර පෞද්ගලික අංශය මගින් ඇණවුම් කළ සහල් මෙට්‍රික්ටොන් 80000ක්ද මේ වන විට වෙළෙඳපොළට මුදා හැර තිබේ.