Connect with us

පුවත්

රටපැන සිටි ගනේමුල්ලේ සංජීව අල්ලයි

Published

on

ගනේමුල්ල සංජීව නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට තිබේ.

ඒ, නේපාලයේ කත්මණ්ඩු නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන්  යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදීය.

ඔහු ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර මේ වනවිට ආගමන විගමන නිලධාරීහු  ඔහු අත් අඩංගුවට ගෙන ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බව වාර්තා වේ.

පුවත්

පෙබරවාරි 9 වැනිදා විදුලිය බිඳවැටීමට හේතුව හෙළිවෙයි

Published

on

By

සූර්ය පැනල මගින් ජාතික පද්ධතියට ලබාදෙන විදුලි ධාරිතාව ඉහළ අගයක පැවතිම හේතුවෙන් ජාතික පද්ධතියේ ස්තායිතාව අඩුවීම පෙබරවාරි 9 වන දින දිවයින පුරා සිදු වූ විදුලිය බිඳවැටීමට හේතු වී ඇති බව විද්වත් කමිටුව ප්‍රකාශ කර තිබේ.

ආදාළ වාර්තාව ඉදිරිපත් කරමින් එම කමිටුව මේ බව සඳහන් කර ඇත.

මෙම පුර්ණ කමිටු වාර්තාව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ ලබාගත හැකි බවද ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

Continue Reading

පුවත්

TIN අංකය ගැන විශේෂ දැනුම්වත් කිරීමක්

Published

on

By

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති වුවද බැංකු වෙත යොමුකළ හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි.

මේ බව පැහැදිලි කෙරුණේ ඊයේ (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

එමෙන්ම එසේ භාරගන්නා ස්වයං ප්‍රකාශනවල හිමිකරුවන්ට දේශිය ආදායම් දෙපාර්තමේන්තුව මගින් ටින් අංකය ලබාදීමේ වැඩපිළිවෙළක් සකසන බව ද එහිදී සඳහන් විය.

මහජනතාවගේ මුදල් තැන්පතු සඳහා ලැබෙන පොලිය මත මෙතෙක් අයකළ 5%ක රැඳවුම් බද්ද 10% දක්වා ඉහළ දැමීමට මෙවර අය වැයෙන් තීරණය කෙරුණි.

නමුත් පුද්ගලයෙකුගේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 18ට වඩා අඩු වන්නේ නම් එම පුද්ගලයාගෙන් මෙම රැඳවුම් බද්ද අයකර ගැනෙන්නේ නැත.

ඒ අනුව එවැනි පිරිසට එම සහනය ඉල්ලා සිටිමින් බැංකු හා මූල්‍ය ආයතන වෙත ස්වයං ප්‍රකාශනයක් ඉදිරිපත් කළ හැකි බව රජය නිවේදනය කළේය.

එම ස්වයං ප්‍රකාශනයට TIN අංකය අනිවාර්ය බැවින් එය ලබාගැනීම සඳහා මේ දිනවල විශාල ජනකායක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පැමිණමෙින් සිටින බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් කේ.එස් ශාන්ත මහතා,

“වාර්ෂික ආදායම ලක්ෂ 18 ඉක්මවන්නේ නැත්නම් මූල්‍ය ආයතන වෙත ස්වයං ප්‍රකාශයක් සිදුකරන්න පුළුවන්. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ එම ප්‍රකාශය තිබෙනවා. ප්‍රකාශය කරන පුද්ගලයාට TIN අංකයක් තිබිය යුතුයි. TIN අංකය ලබාගැනීමට විශාල පිරිසක් පැමිණෙනවා. TIN අංකය නැතුව ප්‍රකාශය භාරගන්න කියලා බැංකුවලින් ඉල්ලීම් කළා. මේ මාසයේ TIN අංක නොමැතිව ප්‍රකාශ ලබාදෙන අයගේ විස්තර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට TIN අංකය ලබාදෙන්න පුළුවන්. වැරදි ප්‍රකාශන ලබාදෙන අයට එරෙහිව දඬුවම් දීමේ විධි විධාන තිබෙනවා.”

Continue Reading

පුවත්

අද හවසට මි.මී 75 ඉක්මවූ වැසි

Published

on

By

බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සෙසු බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved