විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සහතික කිරීම සඳහා ඉල්ලුම් කෙරෙන විභාග සහතික පත්‍ර අද (07) සිට අයදුම්කරුවන්ට මාර්ගගත ක්‍රමයට ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු ආරම්භ කර ඇත.
2001 වසරේ සිට පැවැති සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සඳහා මෙම ක්‍රමය අදාළ වන බවත් මින් ඉදිරියට එම සහතික පත්‍ර ලබා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශයට පැමිණීම අවශ්‍ය නොවන බවත් විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සහතික පත්‍රයේ දෘඪ පිටපතක් වෙනුවට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සහතික කරනු ලැබූ විභාග සහතිකයේ ඩිජිටල් පිටපතක් අයදුම්කරුගේ විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කෙරෙන බවත් විභාග දෙපාර්තමේන්තුවට අදාළ ඉල්ලීම ලද අවස්ථාවේ සිට මෙම ක්‍රියාවලිය පිළිබඳ කෙටි පණිවුඩ මගින් අයදුම්කරු දැනුවත් කරනු ලබන බවත් එහි සඳහන් වෙයි.
මෙම සහතික පත්‍රය බාහිර පාර්ශ්වයන් සඳහා මාර්ගගතව සනාථ කරගත හැකි වන අතර ඒ සඳහා certificate@doenets.lk යටතේ ඇති issued online certificate මගින් එම පහසුකම සලසා ගත හැකි බව එම නිවේදනයේ සඳහන්ව ඇත.
මේ සම්බන්ධයෙන් විමසීමට අවශ්‍ය නම් 1911, 0112788137, 0112784323 යන දුරකථන අංක ඔස්සේ අමතන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.