Connect with us

පුවත්

රටවිරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ලබාදීමේදී අක්‍රමිකතා රැසක්

Published

on

විදේශ ප්‍රේෂණ මත එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින් වෙත පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමේ දී විශාල අවභාවිතයක් සිදු වී ඇති බව කෝපා කමිටුවේදී අනාවරණය වී තිබේ.

එහිදී විගණකාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ බලපත්‍ර නිකුත් කිරීමේදී මුදල් විශුද්ධිකරණයක් සිදුවී තිබේදැයි සැක සහිත බවයි.

2024 සැප්තැම්බර් 30 දක්වා ආනයනය කර තිබූ වාහන 921ක් සඳහා සුඛෝපබෝගී බදු නිදහස් සීමාව ඉහළ දැමීම හේතුවෙන්, රජයට අහිමි වූ බදු ආදායම රු. බිලියන 2.42ක් බව මෙහිදී අනාවරණය වී තිබේ.

එමෙන්ම ප්‍රධාන ආයතන දෙකක් බලපත්‍රලාභීන් 640ක් සඳහා පහසුකම් සපයන ආනයනකරු ලෙස කටයුතු කර ඇති බව ද මෙහිදී හෙළිව ඇත.

කෝපා කමිටුවේ දී අනාවරණය වූ කරුණු පිළිබඳ පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් මේ බව පවසා සිටියේය.

එම කරුණු අනාවරණයට අනුව බලපත්‍ර නිකුත්කිරීමේ මුවාවෙන් ව්‍යාපාරයක් සිදුවී ඇති බවට කෝපා කමිටුවට කරුණු හෙළි වී ඇත.

අදාළ කාල සීමාවේ විදේශ ගත නොවූ පුද්ගලයින් හතරදෙනෙකු (4) වෙනුවෙන් ද විද්‍යුත් වාහන බලපත්‍ර නිකුත් කර ඇති බව හෙළිව තිබේ.

එමෙන්ම හිටපු අමාත්‍යවරයාගේ වුවමනාව මත පෙර පැවති කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා මේ සියල්ල සිදුකර ඇති බවටත් කෝපා කමිටුවට කරුණු වාර්තා වී ඇත.

පුවත්

චීනයෙන් අමෙරිකාවට  125%ක තීරු බද්දක්

Published

on

By

අමෙරිකාව විසින් චීනයට එරෙහිව පනවන ලැබූ අතිවිශාල තීරු බද්දට ප්‍රතිචාර ලෙස චීනය ද අද (11) ප්‍රතිචාර දක්වා ඇත.

ඒ අනුව අමෙරිකානු භාණ්ඩ සඳහා චීනය පනවා තිබූ තීරු බද්ද අද 125% දක්වා ඉහළ නංවා තිබේ.

අමෙරිකානු ආනයන සඳහා චීනය මීට පෙර 84% ක තීරු බද්දක් පනවා තිබුණි.

චීනයට එරෙහිව පැනවූ තීරු බදු සම්බන්ධයෙන් පැහැදිලිකිරීමක් සිදුකරමින් ධවල මන්දිරය ඊයේ (10) ප්‍රකාශ කළේ, චීන ආනයන මත පැන වූ සමස්ත තීරු බද්ද 145%ක් වන බවයි.

ඊට ප්‍රතිචාර ලෙස චීනය අද මෙම නව බදු ප්‍රතිශතය ප්‍රකාශයට පත්කර ඇත.

Continue Reading

පුවත්

අවුරුදු කෑම මේසයේ මිල ගිය වසරට වඩා 7% කින් ඉහළට

Published

on

By

මෙවර අලුත් අවුරුදු කෑම මේසයේ වියදම පසුගිය වසරට සාපේක්ෂව 7%කින් ඉහළ ගොස් ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ විවෘත වෙළෙඳපොළ සතිපතා සාමාන්‍ය මිල, අමතර දත්ත සහ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මූලාශ්‍ර පදනම් කරගනිමින් ඔවුන් මෙම සමීක්ෂණය සිදුකර ඇත.

කිරිබත් කෑලි 10ක්, කෙසෙල් කිලෝග්‍රෑම් 1ක්, අලුවා කෑලි 15ක්, කේක් කිලෝග්‍රෑම් 1ක්, දොදොල් කිලෝග්‍රෑම් 1ක්, කොණ්ඩ කැවුම් 20ක්, මුංකැවුම් 15ක් සහ කොකිස් 20ක මිල ගණන් මත මෙම සමීක්ෂණයට සිදුකර තිබේ.

ඒ අනුව වෙරිටේ රිසර්ච් ආයතනය පවසන්නේ අලුත් අවුරුද්දේ අවුරුදු කෑම මේසයේ මිල ගණන් ඉහළ ගොස් ඇති බවය.

කෙසේ වෙතත් රස කැවිලි නිෂ්පාදකයින් මෙවර අලුත් අවුරුදු සමයේදී රසකැවිලි ඉල්ලුම පහළගොස් ඇති බව පෙන්වා දෙයි.

අමුද්‍රව්‍ය මිලට සාපේක්ෂව රස කැවිලි මිල ගණන්ද ඉහළ යාම නිසා ඊට ඇති ඉල්ලුම පහළ ගොස් ඇති බව රස කැවිලි නිෂ්පාදකයින් පවසයි.

Continue Reading

පුවත්

ලංකා විදුලිබල මණ්ඩලයෙන් සුබ පණිවුඩයක්

Published

on

By

ලංකා විදුලිබල මණ්ඩලය සහස්දනවි විදුලි බලාගාරය සඳහා විදුලිබල මිළදී ගැනීමේ ගිවිසුම (PPA) අත්සන් කළ බව නිවේදනය කරයි.

මෙම බලාගාරය ඉදිකිරීම, අයිතිය සහ මෙහෙයවීම සීමාසහිත සහස්දනවි සමාගම විසින් සිදු කරන අතර, වසර 25කට පසු එහි හිමිකාරිත්වය ලංකා විදුලිබල මණ්ඩලයට පවරා දීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ගෘහස්ත සහ ව්‍යාපාරික පාරිභෝගිකයන් සඳහා විශ්වසනීය හා අඩු මිලට විදුලිබලය ලබාදීමේ උත්සාහයේ මෙය සැලකිය යුතු සුවිශේෂී සංධිස්ථානයක් ලෙස සළකනු ලබයි.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අනුමත කළ මෙගාවොට් 350 ක සහස්දනවි සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමට නියමිතව ඇත.

එම බලාගාරය පළමුව විවෘත චක්‍රීය ක්‍රියාකාරිත්වයෙන්, මාස 30ක් ඇතුළත ජාතික විදුලි ජාලයට විදුලිය සැපයීමට නියමිත අතර තවත් මාස 12 කින් පසු, එය සම්පූර්ණ සංයුක්ත චක්‍රීය මෙහෙයුම් ආරම්භ කිරීමටද සැලැසුම් කර තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved