පුවත්

රටින් ගෙන්වූ සුපිරි මෝටර් රථ 51කට තහනම් නියෝගයක්

Published

on

රුපියල් කෝටි 300කට අධික බදු මුදලක් රජයට අහිමි කරමින් ආනයනය කර ඇති සුඛෝපභෝගී මෝටර් රථ 51 ක් විකිණීම, පැවරීම, අන්සතු කිරීම, තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කළේය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් ශ්‍රී ලංකා රේගුවෙන් නිසි පරිදි නිෂ්කාශනය නොකර මෙරටට ගෙන්වන ලද මෙම සුඛෝපභෝගී මෝටර් රථ 51 සම්බන්ධයෙන් අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය. 

මෙම වාහන 51 අතර ලෑන්ඩ්කෲසර්, මොන්ටෙරෝ, ටොයොටා කැබ් වැනි සුඛෝපභෝගී මෝටර් රථ ඇතුළත් වන අතර, ඇතැම් වාහන මෙරට වෙ‍ෙළඳපොළ වටිනාකම රුපියල් කෝටි හතක් පමණ වන බවද අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂ (නීති) අනූෂා සම්බන්ධපෙරුම මහත්මිය අධිකරණයට දැනුම් දුන්නාය.

Trending

Exit mobile version