පුවත්

රටින් පලා යාමට තැත්කල ජාතික ඔලිම්පික් කමිටු නිලධාරියා අත්අඩංගුවට

Published

on

ජාතික ඔලිම්පික් කමිටු නිලධාරියෙකු රටින් පලා යාමට උත්සාහ කිරීමේදී ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ මාධ්‍ය කළමණාකාර ගෝබිනාත් සිවරාජා නම් අයෙකි.

ඔහුට පවතින විදෙස් ගමන් තහනම නොතකා රටින් පලා යාමට උත්සාහ කරමින් සිටියදී අද (27) අලුයම ගුවන් තොටුපළ ආගමන හා විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා අද (27) මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

දැනට විමර්ශනය කරමින් පවතින වංචා නඩුවක ප්‍රධාන සැකකරු වන ගෝබිනාත් සිවරාජාට විදෙස් ගමන් තහනමක් පනවා තිබුණි.

වංචා සහ දූෂණ සම්බන්ධ නඩු සම්බන්ධයෙන් අදාළ නඩු විභාගය සිදුවෙමින් පවතින අතරතුර පනවා තිබූ විදෙස් ගමන් තහනම නොතකා තම සගයෙක් සමග යුරෝපයට යෑමට උත්සාහ කල අවස්ථාවේ ගුවන්තොටුපලේදී ඔහුව අත් අඩංගුවට පත්ව ඇත.

Trending

Exit mobile version