Connect with us

පුවත්

රටේ ඉන්ධන හිඟයක් නෑ

Published

on

රටතුළ ඉන්ධන සංචිතවල කිසිදු හිඟයක් නොමැති බව කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.

ඉන්ධන පිරවුම්හල් අසල ඇතිවී තිබෙන පෝලිම් පිළිබඳ අද (01) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී අනිල් ජයන්ත මහතා පෙන්වා දුන්නේ රටතුළ ඉන්ධන හිඟයක් තිබෙන බව පෙන්වීම සඳහා ඇතැම් සංවිධානාත්මක කණ්ඩායමක් කෘත්‍රිම ඉන්ධන හිඟයක් නිර්මාණය කිරීමට උත්සාහ දරමින් සිටින බවයි.

සබැඳි පුවත්:

පුවත්

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Published

on

By

අද (21) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක්ද ඇත.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, දකුණ සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය බවද එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ පැවසීය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර ඉදිරි පැය 24 තුළ පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවීමේ හැකියාවක්ද තිබේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමා එන අතර, සුළගේ වේගය පැ.කි.මී. 30-40 පමණ වේ.

එමෙන්ම හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-55 පමණ දක්වා ඉහළ යා හැක.

හලාවත සිට කොළඹ  සහ ගාල්ල  හරහා මාතර දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව්  හරහා ත්‍රිකුණාමලය දක්වා  වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 45 පමණ වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

මේ අතර හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

හලාවත සිට කොළඹ  සහ ගාල්ල හරහා මාතර දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ ද එම ස්වභාවයම යනු ඇත.

Continue Reading

පුවත්

පුද්ගලික ආයතනයකින් විනිසුරුවෝ රක්ෂණය කරන්න යයි

Published

on

By

සියලුම අධිකරණ විනිසුරුවරුන් සඳහා විශේෂ සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් රජය හඳුන්වා දී තිබේ.

මෙම මස 17 වැනිදා සිට ක්‍රියාත්මක නව රක්ෂණාවරණය අවශ්‍ය නම් ඒ සඳහා ලියාපදිංචිවන ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව සියලුම මහාධිකරණ විනිසුරුවරුන්, සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරුවරුන්, දිසා විනිසුරුවරුන්, මහෙස්ත්‍රාත්වරුන්, කම්කරු විනිශ්චයාධිකාර සභාපතිවරුන්ට දැනුම් දී ඇතැයි වාර්තා වේ. 

අධිකරණ විනිසුරුවරුන් 350 කට අධික පිරිසකට මෙම නව සෞඛ්‍ය රක්ෂණාවරණය හිමිවීමට නියමිත බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සඳහන් කරයි.

සියලුම අධිකරණ විනිසුරුවරුන් සඳහා 2025 ජුනි 17 වැනිදා සිට 2026 ජුනි 16 දක්වා බාහිර සෞඛ්‍ය ප්‍රතිකාර වෙනුවෙන් රුපියල් 35,000 ක උපරිමයකට යටත්ව රුපියල් ලක්ෂ 05 ක වටිනාකමින් යුත් මෙම සෞඛ්‍ය රක්ෂණ ක්‍රමය පෞද්ගලික රක්ෂණ සමාගමක් හරහා ක්‍රියාත්මක කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මහත්මිය මාධ්‍යට පවසා තිබේ. 

මෙම රක්ෂණ ක්‍රමය සඳහා දායකවන විනිසුරුවරයා වෙනුවෙන් පමණක් ගෙවිය යුතු මුදලින් 75% ක මුදලක් රජය ගෙවන බවත්, රක්ෂණය සඳහා ලියාපදිංචි වූ සෑම විනිසුරුවරයකුම පළමු වාරිකය 2025 ජුනි මස වැටුපෙන් රක්ෂණ ආයතනය වෙත යොමු කළ යුතු බවත්, ඉන්පසු සාමාජික කාඩ්පත නිකුත් කිරීමට නියමිත බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම රක්ෂණ ක්‍රමය සඳහා විනිසුරුවරුන්ට සිය කාලත්‍රයා සහ දරුවන් ද දායක කරගත හැකි බවත්, ඒ සඳහා විනිසුරුවරුන් විසින් දැරීමට නියමිත වාරික මුදල 04 කින් ගෙවී​මේ හැකියාව පවතින බවද අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

මූලාශ්‍රය – අරුණ

Continue Reading

පුවත්

ලංකාවට AC කෝච්චි 5ක් 

Published

on

By

ස්වයංක්‍රීයව ක්‍රියාත්මක දොර සහිත බලවේග කට්ටල දුම්රිය 5ක් ආනයනයට කටයුතු කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා කියයි.

සම්පූර්ණ වායුසමනය කර ඇති එම බලවේග කට්ටල දුම්රියයන්ගේ සියලු දොරවල් දුම්රිය නැවැත්වීමේදී ස්වයංක්‍රීයව විවෘත කෙරෙන අතර දුම්රිය ගමන් ආරම්භ කිරීමට පෙර එම සියලු දොර වැසෙන සේ නිපදවනු ලබන බව ද ඒ මහතා කීය.

පිරිමැසුම්දායක පංතියේ ගමන් කරන මඟීන්ටද ගමන් කළ හැකි සේ නිෂ්පාදිත මේ දුම්රිය මැදිරි ලෝකයේ වෙනත් රටවල භාවිත කෙරෙන දුම්රිය මැදිරි සේ නිපදවනු ලබන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

එම බලවේග කට්ටල දුම්රිය ලබා ගැනීම සඳහා මේ වන විට අන්තර්ජාතික ටෙන්ඩර් කැඳවා ඇති බවත් ලබන වසරේ (2026) අගභාගය වන විට මේ දුම්රියයන් මෙරටට ආනයනය කරනු ලබන බවද ඔහු පැවසුවේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved