පුවත්

රටේ පළමු පුරවැසියා බොරුකාරයෙක්!; පැන්ෂන් ගිහිල්ලත් දේශපාලනය කරන තුන

Published

on

“අර්බුදය හමුවේ රටේ වගකීම භාර නොගෙන ඔක්කොම හැංගුණා. මම විතරයි අභියෝගය භාර ගත්තේ කියලා රනිල් වික්‍රමසිංහ කියනවා. මේක බරපතළ මුසාවක්. රටේ පළමු පුරවැසියා මෙහෙම බොරු කියන්න හොඳ නැහැ.” යැයි නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා කියයි. 

මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කළේ නාවල කොස්වත්ත “නිදහස” ප්‍රධාන කාර්යාලයේ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවේදීය. 

එමෙන්ම දශක තුනක් රට පාලනය කළ හිටපු ජනාධිපතිවරියක් සහ ජනාධිපතිවරුන් තිදෙනෙක් සිටින බැවින් එම සිව්දෙනාම පක්ෂ දේශපාලනයෙන් ඉවත් විය යුතු බවත් එය ඔවුන්ගේ සහ රටේ දේශපාලන සෞඛ්‍යයට හිතකර බවත් මන්ත්‍රිවරයා සඳහන් කළේය.

 “එම සිව් දෙනාම නඩත්තු වෙන්නේ බිලියන ගණනාවක මහජනතාවගේ බදු මුදල් වලින්. එවැනි පසුබිමක මේ අය පක්ෂ දේශපාලනය කරන එක, මැතිවරණ දේශපාලනය කරන එක යුක්ති සහගතද? එම නිසා, මගේ ඉල්ලීම, කරුණාකරලා ඔබ සියලු දෙනා පක්ෂ දේශපාලනයෙන් සහ මැතිවරණ දේශපාලනයෙන් ඉවත් වෙලා ඉන්න. මහජනතාව බිලියන ගණනක් බදු වියදම් කරන්නේ කිසියම් පක්ෂයක ප්‍රවර්ධනය වෙනුවෙන් ප්‍රචාරණය වෙනුවෙන් නොවේ.” යැයිද හෙතෙම කිවේය.

Trending

Exit mobile version