Connect with us

පුවත්

“රටේ සම්පත් හොරා කාපු අයව රනිල් ආරක්ෂා කරන්න හදනවා”

Published

on

තම රජයක් තුළ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උපරිමයෙන් සුරක්ෂා කිරීමට කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොලඹදී පැවසුවේය.

විපක්ෂනායකවරයා සඳහන් කළේ, කුප්‍රකට ක්‍රමෝපායන් උපයෝගී කර ගෙන මැතිවරණ කල් දමන සංස්කෘතියට තිත තබා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ශක්තිමත් කරමින් කලට වේලාවට ජනතාවට ඡන්ද බලය දී ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්ෂා කරන බවය.

ආර්ථික, සමාජීය, සංස්කෘතික, ආගමික, අධ්‍යාපනික හා සෞඛ්‍ය අයිතිවාසිකම් ද රටේ මූලික අයිතිවාසිකම් බවට පත් කරන නව ව්‍යවස්ථාවකට මුල පුරන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීම සඳහා තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාච් හොටලයේ පැවැති උත්සවයකදී ඔහු මේ බව සඳහන් කලේය.

බලයක් නොමැතිව විපක්ෂයේ සිට සක්වල හා හුස්ම වැඩසටහන තුළින් වැඩක් කර පෙන්වා ඇති බවත් ප්‍රේමදාස මහතා සඳහන් කලේය.

තමන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ දින සිට නොනිදන සංවර්ධනක් කරා රට මෙහෙයවන බවත්, ඉදිරියේ ක්‍රියාත්මක රාජ්‍ය පාලනය හිතවත්කම් වෙනුවට විද්‍යාත්මක කුසලතාව කේන්ද්‍ර කර ගත් දක්ෂයන් කණ්ඩායමකට භාර දෙන බවත් ඔහු සඳහන් කලේය.

රටෙන් අඩක් දුප්පතුන් බවට පත්ව ඇති බවත් නිවසේ ආහාර හා ආහාර නොවන වියදම් සපුරා ගත නොහැකිව මහා පීඩනයකට ලක්ව ඇති බවත් ඔහු කියා සිටියේය.

එවැනි තත්ත්වයක් තුළ පැහැදිලි කාල වකවානු සහිත දුප්පත්කම තුරන් කිරීමේ සාර්ථක වැඩසටහනක් රටට ලබා දෙන අතර, ඒ යටතේ ඉතිරි කිරීම ආයෝජනය නිෂ්පාදනය අපනයනය ආදී ප්‍රධාන ගුණාංගවලින් සමන්විත වැඩසටහනක් කරා යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ සම්පත් හොරා කෑ අය නිදැල්ලේ සිටින බවත් ඔවුන් ආරක්ෂා කිරීමට වත්මන් ජනාධිපති කටයුතු කරන බවත් ඔහු සඳහන් කලේය.

පුවත්

ත්‍රීපෝෂ සමාගමට නව සභාපතිවරයෙක්

Published

on

By

ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ නව සභාපතිවරයා ලෙස දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළ පළපුරුද්ද සහ අත්දැකීම් සහිත අමල් නිරෝෂණ අත්තනායක මහතා පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් අමල් නිරෝෂණ අත්තනායක මහතා වෙත ලබාදීම අද (13) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

වසර 25 කට අධික කාලයක් පුරා දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළ පළපුරුදක් සහිත අමල් නිරෝෂණ අත්තනායක මහතා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ගෞරව උපාධිධාරියෙක් වන අතර විශ්ව විද්‍යාල ක්‍රීඩා සංගමයේ ලේකම්වරයා ලෙස ද කටයුතු කර තිබේ. තවද ටෙනිස් ක්‍රීඩාවෙන් මෙරට නියෝජන්‍ය කරමින් ජාත්‍යන්තරය තරඟාවලි සඳහා ද සහභාගී වී ඇත.

දේශීය මෙන්ම වි‌දේශීය වෙළෙද සන්නාම රැසක නිර්මාණකරු වන අත්තනායක මහතා දකුණු ආසියාවේ මෙන්ම මෙරට ජාත්‍යන්තර ප්‍රදර්ශණ කිහිපයක් මෙහෙයවීම සහ කළමණාකරණය සිදු කර ඇත.

Continue Reading

පුවත්

යුද උණුසුම හේතුවෙන් ශ්‍රීලංකන් ගුවන් මාර්ගවල වෙනසක්

Published

on

By

මැදපෙරදිග කලාපයේ මේ වන විට උත්සන්නවී ඇති යුද උණුසුම් වාතාවරණය තුළ කලාපයේ ඇතැම් ප්‍රදේශවල ගුවන් අවකාශයන් වසා දමා ඇත. මේ හේතුවෙන් ගැටුම් කලාපය මඟ හැරීම සඳහා ලන්ඩන් ඇතුළු යුරෝපීය ගුවන් මාර්ගවල වෙනස්කම් කිහිපයක් කිරීමට සිදුව ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කරයි.

මෙම මාර්ග වෙනස් කිරීම් හේතුවෙන් යුරෝපය වෙත ක්‍රියාත්මක ගුවන් ගමන් හි කාලය දීර්ඝ වීමක් සිදුවිය හැකි බව ද ශ්‍රීලංකන් ගුවන් සේවය කියා සිටී.

එහිදී අද (13) දින ලන්ඩනයේ සිට කොළඹට පැමිණෙන UL504 ගුවන් යානය, යළි මාර්ගගත කිරීම හේතුවෙන් ඉන්ධන පිරවීම සඳහා දෝහා වෙත හරවා යවනු ලබන අතර බලපෑමට ලක් වූ ගුවන් අවකාශය මඟ හැරීම සඳහා කොළඹ සිට පැරිස් දක්වා UL501 යානයේ ද ගමන් මාර්ගය වෙනස් කර තිබේ.

මගීන්ගේ ආරක්ෂාව හා යහපැවැත්ම වෙනුවෙන් සිදුකරනු ලබන මෙම වෙනස්කම්වලට උපරිම සහයෝගය ලබා දෙන මෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය මගීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

පහත සඳහන් අංක ඔස්සේ මේ පිළිබඳ වැඩි විස්තර ලබා ගත හැකිය.

1979 (ශ්‍රී ලංකාව තුළ);

+94 11 777 1979 (ජාත්‍යන්තර);

WhatsApp +94 74 444 1979 (Chat only)

Continue Reading

පුවත්

යාපනය මහනගර සභාවේ බලය ITAK වෙත

Published

on

By

ඉලංකෙයි තමිල් අරසු පක්ෂය (ITAK) වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගනිමින් යාපනය මහනගර සභාවේ බලය  පිහිටුවා ඇත.

ITAK ප්‍රධාන ලේකම් M.A. සුමන්තිරන් පැවසුවේ ITAK හි විවේකානන්දරාජා මදිවදනි යාපනය මහනගර සභාවේ නගරාධිපතිවරයා ලෙස තේරී පත් වූ බවය.

නගරාධිපති ධුරය සඳහා පැවති ජන්දයේදී ඇයට ඡන්ද 19 ක් ලැබී  ඇති අතර EPDPපක්ෂය, සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය යන පක්ෂවල සහාය හිමි විය.

කෙසේවෙතත් මෙහිදී  ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිට ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved