පුවත්

රටේ ස්ථාවරය වෙනුවෙන් සියලු පාර්ශව තම වගකීම ඉටුකල යුතුයි

Published

on

රටේ ස්ථාවරත්වය උදෙසා සියළු පාර්ශව තම වගකීම නිසි පරිදි ඉටු කල යුතුව තිබේන බව කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් පෙන්වා දෙනු ලබයි.

ඔවුන් විසින් අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ, පොලිස්පති තනතුරට අදාලව ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය දරණ ස්ථාවරයන් හි ඇති පරස්පරතා මුල් කරගනිමින් ඇති වී ඇති මත ගැටුම් නොපමාවම විසදා ගත යුතුව ඇති බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නැවත නැවතත් අවධාරණය කරන බවත් එහිදි සංවිධානයක් ලෙස අප ඉතාමත් ම වගකීමකින් යුතුව යෝජනා කරන්නේ ගරු කතානායකතුමා ප්‍රමුඛ ව්‍යවස්ථා සභාව හා ජාතික පොලිස් කොමිසම නොපමාව ම එකට එක් වී සාකච්ඡා කර සුදුසු නිර්දේශයන් ලබාදෙන ලෙසට ය.

අදාළ මාධ්‍ය නිවේදනය පහතින්,

Trending

Exit mobile version