Connect with us

පුවත්

රට අනුරට – කලාකරුවන්ගේ මාධ්‍ය හමුව (වීඩියෝ)

Published

on

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරනු ලැබූ රට අනුරට – කලාකරුවන්ගේ මාධ්‍ය හමුව අද (28) පැවැත්විණි.

ප්‍රවීණ සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර,ප්‍රවීණ රංගන ශිල්පී, බුද්ධදාස විතානාරච්චි,ප්‍රවීණ රංගන ශිල්පී, මහාචාර්ය සෞම්‍ය ලියනගේ, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ මහාචාර්ය මංගල සේනානායක, රම්‍යා විෙජ්දාස, පිටපත් රචක සහ රංගන ශිල්පී කළණ ගුණසේකර, ටෙලිනාට්‍ය හා චිත්‍රපට සහාය අධ්‍යක‍ෂ, සරත් සේනාරත්න, ප්‍රවීණ ලේඛිකා ශාන්ති දිසානායක, රංගන ශිල්පිනී නිපුණා ශාරදා පතිරගේ, සබරගමුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි ඇතුළු මහත්ම මහත්මින් පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

පුවත්

රජයේ වාහන දෙකකට වඩා ළග තබාගෙන සිටින හිටපු ජනාධිපතිවරුන්ට දැනුම්දීමක්

Published

on

By

රජයේ වාහන දෙකකට වඩා ළග තබාගෙන සිටින හිටපු ජනාධිපතිවරුන්ට එම අතිරේක වාහන වහාම භාරදෙන ලෙසට ජනාධිපති ලේකම්වරයා ඉල්ලීමක් කර තිබේ.

අමාත්‍යවරුන්ගේ කාර්යන් සහ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා රජය උපදෙස් මාලාවක් නිකුත් කර තිබුණි.

ඊට අනුව අමාත්‍යවරුන්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ මෙන්ම හිටපු ජනාධිපතිවරුන්ට පරිහරණය කිරීම සඳහා වෙන්කරන ලද නිල වාහන සංඛ්‍යාව උපරිම වශයෙන් දෙකක් ලෙසයි සඳහන් කර ඇත.

එහෙත් අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් අදාළ උපදෙස් වලට අනුව ක්‍රියා කරද්දි තවමත් හිටපු ජනාධිපතිවරුන් වාහන දෙකකට වඩා භාවිත කරන බවට තොරතුරු ලැබී ඇත.

Continue Reading

පුවත්

දේශබන්දු ගැන විමර්ශනය කරන කමිටුව රැස්වෙයි

Published

on

By

පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලය අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාකිරීමට පත්
කළ පරීක්ෂණ කමිටුව අද (23) පළමු වරට පාර්ලිමේන්තුවේදී රැස්වී මූලික සාකච්ඡා සිදු කර තිබේ .

කමිටුව 2025.04.25 දින නැවත රැස්වීමට නියමිතය.

මෙම පරීක්ෂණ කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන්සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් සමන්විතය .

2022 අංක 05 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතෙහි 5 වගන්තිය සමග කියවිය යුතු 3(ඈ) සහ 3(ඉ) වගන්ති ප්‍රකාරව විෂමාචාරය
සහ ධුරයේ බලය බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති
ධුරයෙන් ඉවත් කිරීම සඳහා එකී පනතෙහි 5 වන වගන්තිය ප්‍රකාරව පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වූ යෝජනාව පසුගිය 8 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත විය .

Continue Reading

පුවත්

ට්‍රම්ප්ගේ බදු ගැන ඇමෙරිකා – ශ්‍රී ලංකා සාකච්ඡා සාර්ථකයි

Published

on

By

තීරු බදු ගැටලුව පිළිබඳ ශ්‍රී ලංකා නියෝජිතයන් හා ඇමෙරිකානු වෙළඳ නියෝජිතායතනයේ ප්‍රධානීන් සමග පැවති සාකච්ඡා සුබවාදීව අවසන් වි ඇති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

ඇමෙරිකා ජනාධිපතිවරයා පසුගියදා පැනවූ නව තීරු බදු සමස්ත ලෝකයම යම් කැළඹීමකට පත් වූ අතර ඇතැම් රටවල් ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කළ අතර තවත් රටවල් ඇමෙරිකාවට එරෙහිව ද නව තීරු බදු පැනවීමටයි කටයුතු කර තිබුණි.

මෙය ශ්‍රී ලංකාවට ද බලපෑමක් එල්ල කළ අතර ශ්‍රී ලංකා රජය විසින් දැඩි අවධානය ඒ සම්බන්ධයෙන් යොමු කරන ලදී.

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සෘජුවම ඇමෙරිකා ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් ලිපියක් යොමුකර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඇමෙරිකානු වෙළඳ නියෝජිතායතනයේ ප්‍රධානීන් සමග ද්විපාර්ශවික සාකච්ඡාවකට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිව තිබේ.

මෙම සාකච්ඡාව සදහා මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුලු නියෝජිත පිරිසක් ඇමෙරිකාව බලා පිටත්ව ගිය අතර ඊයේ දිනයේ දී එම සාකච්ඡා සාර්ථකව අවසන් වූ බව ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

මේ වන විටත් දින 90ක සහන කාලයක් නව තීරු බදු ක්‍රියාත්මක කිරීම සදහා ලබාදී තිබේ.

එම කාල සීමාව තුළ දී ශ්‍රී ලංකාවට යම් සුබවාදී තීරණයක් ලැබෙනු ඇති බවට විශ්වාසය පළ කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved