Connect with us

පුවත්

රට උපාධි කඩවලට 2023 සිට වැට; මෙරට සෘජු රට සරසවි ශාඛා නෑ

Published

on

මෙරට පෞද්ගලික ආයතන 35ක් පමණ විදේශ විශ්වවිද්‍යාල උපාධි සහතික 100කට වඩා ලබාදෙමින් ඇතැයි ද ඒවා ලබන වසරේ සිට නිසි නියාමනයකට යටත් කිරීමකට රජය කටයුතු කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති ආචාර්ය සුරේන් රාඝවන් මහතා කියයි.

එසේම, ඉදිරි තෙවසර තුළ ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් සරසවි පහක දකුණු ආසියානු මණ්ඩප සහ ශාඛා මෙරට පිහිටුවීමට රජය සැලැසුම් කරන බවද ඔහු කියා සිටී.

මෙරට තුළ විදේශ විශ්වවිද්‍යාලවල සෘජු ශාඛා කිසිවක් නැති බවත්, ඒ මහතා අවධාරණය කරයි

වාර්ෂිකව දළ වශයෙන් ලාංකේය සිසූහු 11,000 පමණ විදේශ විශ්වවිද්‍යාලවලට යන බවද ඇමැතිවරයා අනාවරණය කර තිබේ.

එසේම ශ්‍රී ලංකාවේ සිසුන් උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගතවීමේදී වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක් විදේශයන්ට ඇදී යන බවත් විදෙස් සරසවි ශාඛා මෙරට ඇති කිරීමෙන් විදේශීය සිසුන් ආකර්ෂණය කර ගනිමින් වාර්ෂිකව ඇ‍ෙමරිකානු ඩොලර් බිලියන 10ක් උපයා ගැනීමට හැකිවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් පාර්ලිමේන්තුවේ පැවැති අධ්‍යාපන අමාත්‍යංශ කාරක සභා අය වැය විවාදයේදී අවධාරණය කර තිබිණි.

මේ අතර, පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේ දී විදේශ විශ්වවිද්‍යාලවල ශාඛා ආරම්භ කිරීමේ යෝජනාව පිළිබඳව පාර්ලිමේන්තු පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් සහ මන්ත්‍රිවරුන් වන ආචාර්ය බන්දුල ගුණවර්ධන, නීතිඥ සුසිල් ප්‍රේම්ජයන්ත, ඩලස් අලහප්පෙරුම, තිස්ස අත්තනායක, නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල, වෛද්‍ය කාවින්ද ජයවර්ධන, ඉම්තියාස් බාකීර් මාකාර් ඇතුළු මන්ත්‍රිවරු රැසක් සිය ප්‍රසාදය පළ කර තිබිණි.

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading

ක්‍රීඩා

 තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියෙන් නදීෂාට රිදී පදක්කමක්! 

Published

on

By

තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (08) පස්වරුවේ පැවති කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට නදීෂා ලේකම්ගේ සමත් වූවාය.

ඇය මීටර් 56.62ක දක්ෂතාවක් දැක්වීය.

මෙහි රන් පදක්කම ඉන්දියාවේ අන්නු රාණි විසින් දිනාගත් අතර, ඇය මීටර් 56.82ක දක්ෂතාවක් දැක්වූවාය.

මීට පෙර එම තරගාවලියේ මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහ සමත් විය.

ඔහු තත්පර 10.38ක කාලයක් වාර්තා කරමින් එම පදක්කමට හිමිකම් කීය.

මෙහි රන් පදක්කම දිනාගැනීමට ඔස්ට්‍රේලියාවේ ජිසෙෆ් අයෝඩේ සමත් වූ අතර, ඔහු සිය ඉසව්ව තත්පර 10.34කින් අවසන් කළේය.

එමෙන්ම තත්පර 10.36කින් තරගය අවසන් කළ ජපානයේ බෲනෝ ඩෙඩේ රිදී පදකක්ම දිනාගත්තේය.

ලෝක මලල ක්‍රීඩා ‘ලෝකඩ’ කාණ්ඩයේ ශූරතාවලියක් වන මෙය තායිපේ නගරයේ දී ඊයේ (07) ආරම්භ වූ අතර, එය අද (08) අවසන් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved