Connect with us

පුවත්

රට ගිය අයට ‘TIN’ ගන්න ඕන නෑ

Published

on

විදෙස් රටවල අධ්‍යාපනය ලබන ලාංකිකයන් හා ද්විත්ව පුරවැසියන් ‘ටින්’ අංකය ලබාගැනීම අනිවාර්ය නොවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් බී.කේ. සමන් ශාන්ත මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

කෙසේවෙතත් විදෙස් රටක සිටින අයකු ශ්‍රී ලංකාවෙන් යම් ආදායමක් උපයා ගන්නේ නම් (බැංකුවල ස්ථිර තැන්පතුවලින් පොලී ආදායම්, කුලී ආදායම් හෝ වෙනත් ආකාරයක ආදායමක් උපයන සහ එම ආදායම වසරකට රුපියල් ලක්ෂ 12 ඉක්මවන පිරිස) අනිවාර්යයෙන්ම ටින් අංකය ලබාගත යුතු බවද ඔහු කීවේය.

ටින් අංකය ලබාගැනීම සඳහා ජනතාව අතර විශාල උනන්දුවක් පවතින බවත් වාහන ලියාපදිංචිය සම්බන්ධව තොරතුරු ලබා ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෝටර් රථ දපාර්තමේන්තුව සමඟ පරිගණක ජාලගත කිරීමට නියමිත බවත් ඔහු පැවසුවේය.

ශ්‍රී ලංකා රේගුව සමග දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පරිගණක ජාලගත කර තිබෙන බැවින් ආනයන සහ අපනයන සම්බන්ධ සියලු තොරතුරු දෙපාර්තමේන්තුවට ලැබෙන බවද නියෝජ්‍ය කොමසාරිස්වරයා කීවේය.

එලෙස සියලුම ආයතන සමඟ ජාලගත වීමෙන් සැඟවී සිටින බදු නොගෙවන්නන් හඳුනාගැනීමට හැකි බවද ඒ මහතා සඳහන් කළේය.

සබැඳි පුවත් :

“රටේ ජනතාවට TIN අංකයක් ලබා දීමට ඇමතිට හෝ කොමසාරිස්ට නීතිමය හැකියාවක් නැහැ”

විශ්‍රාමිකයනුත් TIN එක ගතයුතුයි; රාජ්‍ය බදු ආදයමින් 72%ක් රාජ්‍ය සේවකයින්ටයි

“TIN අංකය ලබාගත් පමණින් බදු ගෙවන්න බැඳියාවක් නෑ”

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved