පුවත්

රට ගිය පොලිසියේ 4ක් යළි නොඑයි

Published

on


ජාත්‍යන්තර සමුළුවක් සඳහා පසුගියදා විදෙස්ගත වී යළි සේවයට වාර්තා නොකළ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු සේවය අතහැර ගියා සේ සලකා කටයුතු කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ.

මොවුන් පසුගිය මාසයේදී එංගලන්තයේදී පැවති ජාත්‍යන්තර පොලිස් සංගමයේ 65 පස් වන සමුළුව සඳහා සහභාගී වීමට ගොස් ඇති අතර, ඔවුන් මේ මස 04දා යළි සේවයට වාර්තා කිරීමට නියමිතව තිබුණද, එසේ නොකිරීම හේතුවෙන් සොයා බැලීමේදී ආගමන විගමන දෙපාර්තමේන්තු මගින් තහවුරු කර ගැනීමට හැකිවී ඇත්තේ මොවුන් මැයි 25දා විදෙස්ගත වීමෙන් අනතුරුව යළි දිවයිනට පැමිණ නැති බවයි.

මෙලෙස නොපැමිණ ඇත්තේ පොලිස් ක්‍රීඩා කොට්ඨාසයට අනියුක්ත පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකි.

ඒ අනුව, පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයා වරයා විසින් එම පොලිස් නිලධාරීන් සිව් දෙනාට ජුනි 04 දා සිට සේවය හැර යාමේ නියෝග නිකුත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ තල්දූව මහතා පවසයි.

Trending

Exit mobile version