පුවත්

රට පුරා රෝහල්වල රු. මිලියන 3000ක හිඟ ලයිට් බිල්පත්

Published

on

දිවයින පුරා පිහිටි රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතනවලින්, විදුලි බිල්පත් සඳහා රුපියල් මිලියන 3000කට ආසන්න මුදලක් අය වීමට ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එහි සාමාන්‍යාධිකාරි රොහාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, අදාළ හිඟ මුදල්, සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ලංකා විදුලිබල මණ්ඩලයට සෘජුවම ගෙවා දමන්නැයි දැනුම් දුන් බවයි.

මාස 5කට ආසන්න කාලයක් තුළ කොළඹ ජාතික රෝහලේ ගෙවීමට ඇති හිඟ මුදල රුපියල් මිලියන 339 කට ආසන්න වේ.

එම මුදල ගෙවා දමන්නැයි ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් ජාතික රෝහලට පැමිණ බලධාරීන්ට දැනුම් දී තිබුණි.

කෙසේ වෙතත් ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ, බිලපත් නොගෙවූ කිසිදු රෝහලක විදුලිය විසන්ධි කිරීමක් නොකරන බවයි.

(නිවුස්ෆස්ට්)

Trending

Exit mobile version