පුවත්

රට යන්න ගිය රන්ජන්ව කටුනායකදී ආපසු හරවා එවලා

Published

on

විදේශගතවීමට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි රන්ජන් රාමනායක මහතා ආපසු හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ඊයේ (27) පියවර ගෙන තිබේ.

කටුනායක ගුවන්තොටුපළේ ආගමන විගමන ඒකකය සඳහන් කළේ, ඔහුට විදෙස් ගමන් තහනමක් තිබීම හේතුවෙන් එලෙස හරවා යැවූ බවයි.

ඒ අමෙරිකාවේ පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගීවීම සඳහා විදේශගතවීමට ඔහු කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.

මේ පිළිබඳව රන්ජන් රාමනායක මහතාගෙන් පැවසුවේ, පසුගිය කොරෝනා සමයේ සහල් බෙදා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැනවූ නඩුවකට අදාළව තමන්ට විදෙස් ගමන් තහනමක් පනවා තිබූ බවයි.

නඩුව මේ වන විට අවසන්ව ඇතත් පැන වූ විදෙස් ගමන් තහනම ඉවත් කර තිබුණ ද ඒ පිළිබඳව අදාළ අංශ දැනුවත් කර නොමැති බව ද රන්ජන් රාමනායක මහතා සඳහන් කර ඇත.

Trending

Exit mobile version