පුවත්

රට රැකියා වංචාකරුවන්ට තරාතිරම නොබලා දඩුවම් කරන්න – මනූෂ

Published

on

විදේශ රැකියා වංචාකරුවන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කර, වැරදිකරුවන්ට තරාතිරම නොබලා දඩුවම් කරන්නැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව කටාර් රාජ්‍යයේ රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් 450,000/-ක මුදලක් ලබාගෙන, පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදුන් බවට කාර්යාංශයට ලද පැමිණිල්ලක් අනුව වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

විදේශ රැකියාවක් ලබා ගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබා දීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බඳවා ගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න සොයා බලන ලෙස එම කාර්යංශය දැනුම් දෙයි.

එමෙන්ම වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබා ගන්නා ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.

(මූලාශ්‍රය : ලංකාදීප)

Trending

Exit mobile version