Connect with us

පුවත්

රට වටේම ලියාපදිංචි නැති ඇම්බියුලන්ස්; සීසර්ලාත් උස්සලා ඇම්බියුලන්ස්

Published

on

මෝටර් රථ දෙපාර්තමේන්තුව තුළ ගිලන් රථ ලෙස ලියාපදිංචි කර ‌නොමැති ගිලන් රථ ‌බොහොමයක් පෞද්ගලික රෝහල් විසින් මේවන විට භාවිතා කරමින් සිටින බව වාර්තා වේ.

එසේ, මහරගම පිහිටි අයි.එම්.සී. (International Medical Care) නැත්නම් ආර්.එස්.කේ. කෙයාර් හට අයත් ගිලන්රථ සේවය ද එසේ ගිලන් රථ ලෙස ලියාපදිංචි ‌ නොකළ ගිලන් රථ භාවිතා කරණ බවට ශ්‍රී ලංකා මිරර් වෙත තොරතුරු ලැබී තිබේ.

මේ අනුව අපි එහි හිමිකරු වන රංජිත් සුසන්ත කුරුණාරත්න මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ එම ආයතනයේ එසේ ගිලන් රථයක් ලෙස මෝටර් රථ දෙපාර්තමේන්තුව තුළ ලියාපදිංචි නොකළ ගිලන් රථ 2ක් ඇති බවත්, ඒවා මේවන විට ගිලන් රථ ලෙස ලියාපදිංචි කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

ඒ සඳහා ලිය කියවිලි ගෙනැවිත් ඇතැයි ද ඔහු කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් ‌මෙසේද කීය.

“අපි ළඟ තමයි වැඩිම ගානක් ඔර්ජිනල් ඇම්බියුලන්ස් තියෙන්නේ…ලංකාවේ බහුතරයක් තියෙන්නේ කන්වර්ට් කරල රෙජිස්ටර් කරල නැති ඒ්ව තියෙන්නේ. LW – නොම්බර තියෙන ඇම්බියුලන්ස් 08ක් අපි ළඟ තියෙනවා….”

මේ අතර ඔහු කියා සිටියේ ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන් සතුව තිබූ ගිලන් රථ  දෙකක්ද දීර්ඝකාලීනව අයිතිවන විදිහට ලබාගෙන ඇති බවයි.

එසේම මාතර හිමි නමක් සතුව තිබූ ගිලන් රථයක් (LW – 0485) ද තමා මුදල් දී ලබා ගත් බවත්, උන්වහන්සේ සතු තවත් ගිලන් රථයක් (LW – 0188) මිලදී ගැනීමට ගිවිසුම් ගසා ඇතැයි ද ඔහු කියා සිටියේය.

මේ අතර, අයි.එම්.සී. (International Medical Care) නැත්නම් ආර්.එස්.කේ. කෙයාර් හට අයත් ගිලන් රථ දෙකක් ලීසින් ‌ආයතන විසින් අරන් ගිය බවත්, එම රථවලින් එක් රථයක් නැවත ලබාගත් බවත්, අනික් රථයට අධික මිලක් කීම නිසා එය නැවත ලබා නොගත් බවද රංජිත් මහතා පැවසීය.

ශාන්ත ජෝන් ගිලන් සේවයේත් හොර ඇම්බියලන්ස්

අප කළ සොයා බැලීමකදී  ශාන්ත ජෝන් ගිලන් සේවයේත් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නැති ගිලන් රථයක් ඇති බව සොයා ගැනීමට හැකි විය.

ඒ් සම්බන්ධයෙන් ශාන්ත ජෝන් ගිලන් සේවයේ කොමසාරිස් ළමා රෝග විශ‌ේෂඥ දොස්තර නිලාම් මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ, එවැනි ගිලන් රථයක් නොමැති බවයි. 

එවැන්නක් ඇත්නම් එය හොර ගිලන් රථයක් බවද ඔහු කියා සිටියේය.

අදාළ ගිලන් රථය භාරව සිටින බවට වාර්තා වන ශාන්ත ජෝන් ගිලන් සේවයේ කොළඹ දිසා කොමසාරිස් එම්.ඩී.පී.ඩී.සේනානායක මහතාගෙන් ද අප මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ එසේ ගිලන් රථයක් ලෙස ‌මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නැති ‌ගිලන් රථයක් ඇති බවත්, එය රෝගීන් ප්‍රවාහනය සඳහා යොදා නොගන්නා බවයි.

එය යොදාගනු ලබන්නේ එහි පුහුණු කටයුතු සඳහා බවද ඔහු වැඩිදුරටත් කීය.

කෙසේවුවද, අදාළ ගිලන් රථය ඉකුත් පාසල් රග්බි වාරයේදී රග්බි තරගවලදී තුවාල ලබන සිසුන් ප්‍රවාහනයට තබා තිබූ බවද මේ අතර වාර්තා වේ.

එසේම මේ ගිලන් රථය ඇත්ත‌ේ ශාන්ත ජෝන් ගිලන් රථ සේවයේ දිස්ත්‍රික් අතිරේක කොමසාරිස්වරයකුගේ නිවසේ බවත්, එහි රියැදුු ලෙස කටයුතු කරන්නේ එම කොමසාරිස්වරයාගේ පියා බවද වාර්තා වේ.

මේ අතර, රොමිං, රෝයල් හා කිංග්ස් රෝහල්වල ද මෙසේ ලියාපදිංචි නැති ගිලන් රථ ඇති බව වාර්තා වේ.

පුවත්

විජයදාස ළග සමාව ඉල්ලපු චමුදිත

Published

on

By

හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් සහ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනප්‍රිය මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා කොන්දේසි විරහිතව අද (04) දින සමාව ඉල්ලා සිටියේය.

චමුදිත සමරවීක්‍රම මහතා විසින් මෙහෙයවන අන්තර්ජාල නාලිකාවක අපහාසාත්මක කරුණු ඉදිරිපත් කිරීමක් සම්බන්දයෙව් විජයදාස රාජපක්ෂ මහතා විසින් ගොනු කරන ලද ලද අයදුම්පතකට මෙම සමාව ඉල්ලා සිටියේය.

ඉදිරියේදීත් නිසි තොරතුරු ගවේෂණයකින් තොරව පුද්ගලයන් සම්බන්ධයෙන් අපහාසාත්මක හෝ නොසැලකිලමත්ව කරුණු ප්‍රසිද්ධ කිරීමෙන් වළකින ලෙසද අධිකරණය ඔහුට අවවාද කරන ලදී.

Continue Reading

පුවත්

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ජනාධිපති අරමුදලට රුපියල් මිලියන 100ක පරිත්‍යාගයක්

Published

on

By

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ජනාධිපති අරමුදලට රුපියල් මිලියන100ක පරිත්‍යාගයක්  සිදු කර තිබේ.

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දීපක් දාස් මහතා විසින් ඊට අදාළ චෙක්පත ජනාධීපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (04) භාර දෙන ලදී.

මෙම පරිත්‍යාගය, ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් මෙරට අධ්‍යාපන, සෞඛ්‍ය හා සංස්කෘතික ක්ෂේත්‍රවලට ලබා දෙන පරිත්‍යාගවලට අමතරව ලබා දුන් පරිත්‍යාගයක් වීම විශේෂත්වයකි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

දාස් මහතා ඉකුත් ජුනි 29 සිට ජූලි 02 දක්වා කොළඹ සිටි ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) ප්‍රධාන විධායක නිලධාරීන්ගේ නියෝජිත කණ්ඩායමේ සාමාජිකයෙකු ද විය.

Continue Reading

පුවත්

හිටපු ඇමති එස්. එම් චන්ද්‍රෙස්න රිමාන්ඩ් (UPDATE)

Published

on

By


හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

ඒ ඔහු අද (04) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

එහිදී මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ ඔහු එළැඹෙන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටය.

2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ හිතවතුන්ට බෙදාදීමේ සිද්ධියකට අදාළව ඔහු අද පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණි.

එහිදී ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතාව අත්අඩංගුවට ගත් අතර එහිදී ඔහු කොළඹ අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කෙරිණි.


(පෙර පුවත 2025 ජුලි 04 ප.ව.4.33 )

හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා අධිකරණයට

හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ඔහු කොළඹ අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කළ බව සඳහන් වේ.

2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ හිතවතුන්ට බෙදාදීමේ සිද්ධියකට අදාළව හිටපු අමාත්‍යවරයා අද පෙරවරුවේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනුණි.


(පෙර පුවත 2025 ජුලි 04 පෙ.ව.10.41 )

එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved