Connect with us

පුවත්

රට වැටුණු වෙලාවේ ගොඩගන්න හිටියේ රනිල් විතරයි

Published

on

ජනතාව අද පහසුවෙන් ජීවත් වන්නේ රට වැටුණු අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතා ගත් තීන්දු තීරණ නිසා බව බඹරැන්ද කුරුඳුරේ පූර්වාරාම රජමහා විහාරාධිපති දොඩම්පහළ රාහුල නා හිමියෝ පැවැසූහ.

රාහුල නාහිමියන් මෙසේ පැවසූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානයේදී පැවති ආගමික වතාවත් සඳහා සහභාගී වෙමිනි.

එහිදී ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ආගමික වතාවත් පැවැත්වූ අතර සේදවත්ත වෙහෙරගොඩ රජමහා විහාරාධිපති අඹන්වල ඥානාලෝක හිමියන්ගේ මූලිකත්වයෙන් මෙම පින්කම් සංවිධාන කෙරිණි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, සජබ හිටපු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගී සිටියහ.

මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් මහා සංඝරත්නය උදෙසා දානමය පින්කමක් ද පැවැත්විණි.

මෙහිදී අදහස් දක්වමින් දොඩම්පහල රාහුල නාහිමියන් වැඩිදුරටත් පැවසූයේ රනිල් වික්‍රමසිංහ මහතා කිසි විටෙක කිසිදු තීන්දු තීරණයක් රටට අගතිගාමී ලෙස ගෙන නැති බවය.

රනිල් වික්‍රමසිංහ මහතාට රටේ මහා සංඝරත්නයේ ආශිර්වාදය හැම විටම හිමි වෙන බවද රාහුල නා හිමියෝ කීහ.

පුවත්

30ක් රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර

Published

on

By

බෙලිඅත්ත, පොලිස් වසමේ හෙට්ටිආරච්චි වංගුව ආසන්නයේදී පුද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.

එම අනතුරින් පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා තංගල්ල රෝහලට හා බෙලිඅත්ත හත්බෝධිය රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.

අද (29) උදෑසන එම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Continue Reading

පුවත්

මෛත්‍රී ශ්‍රේෂ්ඨාධිකරණයට

Published

on

By

මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයක් සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර නිකුත් කළ නියෝගයකට අනුව හිටපු ජනාධිපතිවරයා මෙලෙස පැමිණ ඇත.

රෝයල් පාක් මිනී මැරුම්  සිද්ධියේ මරණීය දණ්ඩනය නියම වූ විත්තිකරුට සමාව ප්‍රධානය කර නිදහස් කිරීමට අදාළ පෙත්සමක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත. 

Continue Reading

පුවත්

මරණ තර්ජන තියෙනවා නම් රට යන්න. නැත්නම් ගෙදරට වෙලා ඉන්න. (වීඩියෝ )

Published

on

By

තමන්ට මරණ තර්ජන ඇත්නම් පරිස්සම් වීමට තමන් දැනගත යුතු බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

“තමන්ට මරණ තර්ජන තියෙනවා කියන අයනෙ ඔය හුඟ දෙනෙක්ම මැරිලා තියෙන්නේ. මොනවා හරි ආරවුලකට මැදිවෙච්චි අය. ඒ අය දැන ගන්න ඕන, තමන් පරිස්සම් වෙන්න. ආයුධ තියන් ඉන්න නෙමෙයි. ලංකාවෙන් ගිහිල්ලා හරි නැත්නම් ගෙදරට වෙලා ඉන්න හරි පුළුවන් නෙ”

හිටපු මැතිවරණ කොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

වීඩියෝ – VFM Radio

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved