පුවත්

රට වැටුණු හැම විටම ගොඩදැමීමේ රනිල්

Published

on

ඉතිහාසයේ පවා ආර්ථිකය කඩා වැටී තිබුණ සෑම මොහොතකදීම රනිල් වික්‍රමසිංහ මහතා නොබියව ආණ්ඩු බාරගත් බව එක්සත් ජාතික නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

ඔහු එලෙස රට බාරගෙන සෑම අවස්ථාවකදීම ඔහු රට ගොඩගත් බවද විජයවර්ධන මහතා කීය.

ඉන්න හිටින්නට පුළුවන් රටක් ගොඩනගන්නට රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්වන්නැයි එජාප පාක්ෂිකයින්ට  ආරාධනා කරන බවද එජාප  නියෝජ්‍ය නායකවරයා මෙහිදී පැවැසීය.

“එක්ව ජයගමු” තේමාව යටතේ පවත්වන මාධ්‍ය සාකච්ඡාවට අද (08) දින සහභාගී වෙමින් නියෝජ්‍ය නායකවරයා මේ බව සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුව බම්බලපිටිය ලොරිස් මාවතේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවැත්වුණි.

Trending

Exit mobile version