Connect with us

පුවත්

රට සංචාරවලට ගිය මුදල කියනවා ; රනිල්, හරීන් හා මනූෂට ගිය ගණනත් කියන්න – අනුර කුමාර

Published

on

තමාගේ විදේශීය සංචාරයන් සඳහා වැය වූ සියලුම වියදම් පිළිබඳ තොරතුරු ජපන් සංචාරය අවසන් කර ශ්‍රී ලංකාවට පැමිණි විගස හෙළි කරන බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා කියයි.

ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සහ ව්‍යාපාරිකයන් සඳහා එරටදී ඊයේ (21) පැවති ජන හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයා පසුගිය කාලයේ දේශපාලන රැස්වීම් පැවැත්වීම සඳහා රටවල් 14කට ගොස් රුපියල් මිලියන 70කට අධික මුදල් ප්‍රමාණයක් වියදම් කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේම්නාත් සී. දොලවත්ත දෙරණ වාද පිටිය වැඩසටහනට එක්වෙමින් පසුගියදා ප්‍රකාශ කර තිබුණි.

ඊට පිළිතුරු ලබා දෙමින් අනුර කුමාර මහතා කියා සිටියේ තමාගේ විදේශ සංචාර සඳහා වැය කරනු ලැබුවේ ආණ්ඩුවේ මුදල් නොවන බවට සහතිකයක් ලබා දිය හැකි බවය.

“ඒ වගේම මම අපේක්ෂා කරනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුර කාලයේදී විදේශ සංචාර සඳහා රජය දරපු වියදමත්, හරින් ප්‍රනාන්දු සංචාරක ඇමති වුණාට පස්සේ එතුමාගේ සංචාර වියදමුත් ඉදිරිපත් කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම මනුෂ නානායක්කාරගේ විදේශ සංචාර සඳහා රජය විසින් දරපු වියදම් ප්‍රමාණයත් හෙළි කරන්නැයි ඉල්ලනවා.” යැයිද හෙතෙම කිවේය.

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading

පුවත්

ඩෙංගු – චිකන්ගුන්‍යා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්

Published

on

By

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවන් හරහා චිකන් ගුන්‍යා රෝගය ද ව්‍යාප්ත වන බවය.

ඔහු පැවසුවේ දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවය.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ හැකියාවක් ලැබී නොමැති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වී ඇතැයිද ඔහු පැවසීය.

ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝග පතුරුවනු ලබන්නේ එකම මදුරුවෙකු විසින් බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් අවට පරිසරය නිරන්තර පිරිසිදු කරගනිමින් මදුරුවන් බෝවිම වළක්වා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන බවය.

(අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved