පුවත්

රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු

Published

on

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.

එම වගුරුබිම ආසන්නයේ එළිපෙහෙළි කරමින් සිටි පිරිසක් විසින් මෙම ඇටසැකිලි දැක පොලිස් හදිසි ඇමතුම් අංක 119 ට සිදුකළ දැනුම් දීමක් අනුව නවගමුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් මේ පිළිබඳව සොයා බලා තිබෙන බව පැවසේ.

මෙම මිනිස් ඇටසැකිලි කිහිපය මෙයට වසරක් හෝ ඊට වැඩි කාලයකට ඉහත දී වල දැමූ ඒවා බවට සැක කළ හැකි බවත් මෙය ඝාතනය කර වළ දැමීමක් ද නැතහොත් වෙනත් කාරණයක්ද යන්න පිළිබඳව නවගමුව පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ සිදු කරයි.

Trending

Exit mobile version