පුවත්

රත්තරන් ගණන් උස්සයි

Published

on

අද (16) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 713,245ක් ලෙසයි. එය ඊයේ (15) දිනයට සාපේක්ෂව රුපියල් 6,683ක වැඩිවීමක් පෙන්නුම් කරන්නකි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 25,160ක් ලෙස සඳහන්ව විය.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 23,070ක් සහ රුපියල් 22,020ක් ලෙසයි දැක්වේ.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 201,300ක් ලෙස සටහන් වී තිබෙන අතර කැරට් 22 පවුමක් රුපියල් 184,550ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 176,150ක් ලෙසත් සඳහන්ව ඇත.

Trending

Exit mobile version