මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීමේ යෝජනාවට විරුද්ධව පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා ඡන්දය පාවිච්චි කළේය.
නීතිවිරෝධී ලෙස මෙරටට රත්තරන් කිලෝ තුන හමාරකට ආසන්න ප්‍රමාණයක් රැගෙන එද්දී අලි සබ්රි රහීම් මහතා ඊයේ රේගු අත්අඩංගුවට පත්වූ අතර ඊට අදාල දඩය ගෙවීමෙන් පසු අද පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය.
මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් රහීම් මහතා පැවසුවේ තමන් අපහසුතාවයට පත්වූ මොහොතේ ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා කිසිදු සහයෝගයක් ලබා නොදීම හේතුවෙන් ජනක රත්නායක මහතාව ඉවත්කිරීම සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බවය.
තවද, ඔහු වැඩිදුරටත් පැවසුවේ අදාළ රත්‍රන් තොගය ගෙන ආවේ තමා නොවන නමුත්, තමන් නොකළ වරදකට ලක්ෂ 75ක දඩ ගෙවීමට සිදුවූ බවත්ය.
මේ අතර, අද සවස මාධ්‍ය හමුවක් පවත්වමින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ මෙය තමාට නොව ශ්‍රී ලාංකික ජනතාවට අත්වු පරාජයක් බවයි.
“මේ පරාජය මගේ එකක් නෙමෙයි. මේක සමස්ත ජනතාවටම අත්වූ පරාජයක්. මේ ඉවත් කිරීම ගැන මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මගේ පුටුව, මේසය සේරම අරගෙන යනවා. ඒවා ඊයෙම මම ගලවගත්තා. මම හිතන්නේ මේක අනාගතයේ රජයක් ගැනීම සඳහා මූලික පියවර තැබීමක්. මම අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට එනවා. කියලා ඉවරයි.”
(වීඩියෝ : නිවුස්ෆස්ට්)