පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ඊයේ (01) සිදු කළ වැටලීම්වලදී කාර්ගිල්ස්, ආර්පිකෝ හා කීල්ස් ඇතුළු සුපිරි වෙළදසැල් 16ක තිබී කල් ඉකුත් වූ භාණ්ඩ සොයාගෙන තිබේ.
උත්සව සමය තුල වෙලදපොලේදී පාරිභෝගිකයන් අසාධාරණයට ලක්වීම වැලැක්වීම සදහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙම වැටලීම් සිදුකරනු ලබයි.
ඊයේ (01) දිනයේදී පමණක් දිවයින පුරා පිහිටි සුපිරි වෙළදසැල් 23 ක් වැටලා කල් ඉකුත්වී භාණ්ඩ විකිනීම, විකිණීමට ඉදිරිපත්කර ඇති භාණ්ඩයන්හි මිල ප්‍රදර්ශනය නොකිරීම, වැඩි මිලට භාණ්ඩ අලෙවිකිරීම, පාරිභෝගිකයන් නොමග යැවීම සහ භාණ්ඩ වල සදහන්කල යුතු තොරතුරු නොමැතිව විකිණීම යන අකටයුතුකම් සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය නඩු පැවරීමට කටයුතු යොදමින් සිටින බව මේ අතර වාර්තා වේ.
කොළඹ, මහනුවර, ගාල්ල, කළුතර, රත්නපුර, වව්නියාව, පුත්තලම, මඩකලපුව හා මුලතිව් ඇතුළු ප්‍රදේශවල සුපිරි වෙළඳසල් මේ අකටයුතුකම් සිදු කර ඇති බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.
පසුගිය වසර තුල සිදුකරන ලද විමර්ශනවලදී ජාල වශයෙන් පවත්වාගන යන සුපිරි වෙළදසැල් ශාඛා 172 කට එරෙහිව නඩු පැවරීම් සිදුකර ඇති අතර එහිදී වරදකරුවන් වීම නිසා එම ආයතනවලට රුපියල් මිලියන 6.5 කට අධික දඩ මුදල් අධිකරණ මගින් නියමකර ඇති බවද මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ඒ අනුව සුපිරි වෙළදසැල්ද ඇතුළුව වෙළදපොලෙන් භාණ්ඩ මිලදීගැනීමේදී කල් ඉකුත්වීමේ දිනය ඇතුළු අනෙකුත් තොරතුරු සම්බන්ධයෙන් නිරන්තරයෙන් පරීක්ෂාකරන ලෙස අධිකාරිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී.
සබැඳි පුවත් :