Connect with us

පුවත්

“රත්රන් සබ්රි“ ගැන සුසිල් විමර්ශනයක් ඉල්ලයි

Published

on

රුපියල් කෝටි 7කට වැඩි රත්රන් කිලෝ තුනක් සහ ජංගම දුරකතන තොගයක් නීති විරෝධීව මෙරටට රැගෙන ආ සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රිරි රහීම් පිලිබඳව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දී, ඒ පිලිබඳව පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් ඉල්ලා ඇත

ඇමතිවරයා මෙම ඉල්ලීම අද (25) පාර්ලිමේන්තුවේදී සිදුකර ඇත්තේ  වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරමිනි.

ප්‍රේමජයන්ත මහතා පවසන්නේ මන්ත්‍රීවරයා විසින් මන්ත්‍රී චර්යා ධර්ම පද්ධතිය උල්ලංඝණය කරමින් මහජන විශ්වාසය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩකර ඇති බවයි.

මැයි 23 දින නීති විරෝධීව කටුනායක ගුවන් තොටුපළේ ප්‍රභූ පර්යන්තයෙන් සිය ගුවන් ගමන් බලපත්‍රය අවභාවිතා කරමින් මෙම රත්රන් හා ජංගම දුරකතන මෙරටට ගෙන ඒමට කටයුතු කර තිබුණු අතර,ඒ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට  ශ්‍රී ලංකා රේගුව මඟින් රුපියල් ලක්ෂ 75ක දඩ මුදලක් නියම කර තිබුණි.

සබැඳි පුවත්

රත්තරන් ගෙනාවෙ මං නෙමෙයි – අලි සබ්රි රහීම් (වීඩියෝ)

අලි සබ්රි රහීම් ඉවත් කරන්න යෝජනාවක්

පුවත්

හිටපු අමාත්‍ය මහින්දානන්ද අධිකරණයට පැමිණේ

Published

on

By

ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ආනයනය කර රුපියල් කෝටි 130ක පාඩුවක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (19) කොළඹ අලුත්කඩේ අධිකරණයට පැමිණියේය.

අල්ලස් කොමිසම මගින් ඔහුට එරෙහිව චෝදනා නගා ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

අදින් ඇරඹෙන ඩෙංගු සතිය

Published

on

By

අද (19) සිටකොළඹ, මහනුවර, ගම්පහ, රත්නපුර, කළුතර ඇතුළු දිස්ත්‍රික්ක දොළහක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස අනූපහක (95) විශේෂ ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශය පත්කර තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ ඩෙංගු ශීඝ්‍ර ව්‍යාප්තිය සමග මෙසේ ඩෙංගු මර්දන විශේෂ සතියක් ප්‍රකාශය පත්කර ඇති බවය.

මේ මාසයේ ගතවූ දින දොළහට පමණක් ඩෙංගු රෝගීන් 2178 ක් වාර්තා වී තිබේ. එසේම මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගින් 19724කු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මාර්දන ඒකකය සඳහන් කරයි.

පවතින අයහපත් කාලගුණය මෙසේ ඩෙංගු රෝගින් වැඩිවීමට එක් හේතුවක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

ඩෙංගු සහ චිකුන්ගුන්‍යා යන රෝග දෙකම මේ වනවිට ව්‍යාප්තවෙමින් පවතින නිසා යම් පුද්ගලයකුට උණ රෝගය වැලඳී ඇත්නම් පැරසිටමෝල් ඖෂධය පමණක් ලබාගන්න ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අනෝජා වීරසිංහ මහත්මිය පැවසුවාය.යම් හෙයකින් එම උණ රෝගියාට ඩෙංගු වෛරසය ආසාදනය වී ඇත්නම් වෙනත් වේදනානාශක ගතහොත් ශරීර අභ්‍යන්තරයේ රුධිරය වහනයවීමක් සිදුවිය හැකි බව ඇය අවධාරණය කර සිටියාය.

දින තුනකට වඩා උණ පවතිනම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට උපදෙස් ලබා දෙයි. 

Continue Reading

පුවත්

චාමරට ඇප

Published

on

By

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතාව ඇප මත මුදාහැරීමට බදුල්ල මහෙස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා විසින් අද (19) නියෝග කරන ලදී.

ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වූ ඇප අයැදුම සලකා බැලීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ඇප දෙකක් මතය.

පොදු දේපල පනත යටතේ පවරා ඇති නඩුවකට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද පෙරවරු 9.00ට පමණ බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය.

ඌව පළාත් මහ ඇමැති වශයෙන් කටයුතු කරමින් සිටියදී 2016 වර්ෂයේ දී පෙර පාසල් ළමුන් සඳහා පාසල් පොත් බෑග් ලබාදීම සඳහා රාජ්‍ය බැංකුවක් විසින් ලබාදුන් රුපියල් ලක්ෂ දහයක මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොදු දේපොළ පණත යටතේ මන්ත්‍රීවරයාට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved