Connect with us

පුවත්

රතු මුහුදට කළින් අපේ මුහුද රකින්න – උතුරේ ධීවර සංගම් (වීඩියෝ)

Published

on

රතු මුහුදට නැව් යැවීමට පෙර ශ්‍රී ලංකාවේ මුහුද ආරක්ෂා කර ගැනීමට පියවර ගත යුතු බව උතුරු පළාත් ධීවර එකමුතුව පවසයි.

මන්නාරමේ දී ඊයේ (18) පැවැත්වූ මාධ්‍ය හමුවකදී එම සංගමයේ – ප්‍රකාශක මොහොමඩ් ආලම් මහතා මේ බව අවධාරණය කර සිටියේය.

ඉන්දීය ධීවරයින් දිගින් දිගටම මෙරට මුහුදු සීමාව‌ට ඇතුළු වී සිදු කරන අනවසර ක්‍රියාවන් හේතුවෙන් ශ්‍රී ලාංකික ධීවරයින්‌ට සිදුවන අසාධාරණයන් ගැන ආණ්ඩුව දැනුවත් වූවද ඒ පිළිබඳව කිසිවක් නෑසූනු සේ ඔවුන් සිටින බව ‌එම මහතා චෝදනා කළේය.

වැඩි දුරටත් අදහස් දැක්වූ මොහොමඩ් ආලම් මහතා මෙසේද පැවසීය :

“දකුණු අප්‍රිකාව, ගාසා ඇතුළු ප්‍රදේශ වලට තමන්ට හැකි පමණින් උදව් කරනව කියලා ජනාධිපතිතුමා පොරොන්දු වෙනවා. බඩගින්නෙ ඉන්න එකා මෙහේ ඉන්න කොට කොහේදෝ ඉන්න කෙනෙකුට ආහාර ලබා දීම පිළිගන්න බෑ. එහෙට යවනව කියන නැව වහාම පෝක් සමුද්‍ර සන්ධියට යවල අපේ මුහුදු සීමාව හා ස්වෛරීභාවය ආරක්ෂා කරන්න ජනපතිතුමා කටයුතු කරන්න ඕනෙ.”

“ඩෙල්ෆ්ට් වල අත්අඩංගුවට ගත්ත ධිවර යාත්‍රා 02ක කොටි 02ක් වටින මාළු තිබුණා කියල ධීවර දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු කරල තියෙනව. අවුරුදු 15ක් තිස්සෙ දහස් ගණනින් බෝට්ටු වලින් ඇවිල්ල කෝටි ගණනින් දහස් ගණනින් ඔවුන් අරන් ගිහින් තියෙනව. රතු මුහුදට යවන්න තියෙන නැව නවත්තල අපේ මුහුදු සිමාවේ නිලධාරින් සියදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ස්ථාපිත කරලා, ඩෝරා යාත්‍රා දාල නිරීක්ෂණය කලොත් ඇති. ඉන්දීය ධීවරයන්ගේ පැමිණීම අපිට පාලනය කරන්න පුළුවන්.”

(වීඩියෝ : News1st)

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved