Connect with us

පුවත්

රතු සීනි ජාවාරමක තතුහෙළි වෙයි !

Published

on

අඩු ආදායම්ලාභී ජනතාවට සහන මිලට ලබාදීම සඳහා ලංකා සීනි සමාගම නිකුත් කරන රතු සීනි තොග සමුපකාර සමිතිවල නම් භාවිත කරමින් පෞද්ගලික අංශයට අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධ තොරතුරු හෙළිව තිබේ.

ලංකා සීනි සමාගම යටතේ පාලනය වන සෙවණගල සහ පැල්වත්ත සීනි සමාගම්වල නිපදවන රතු සීනි තොග අඩු ආදායම්ලාභී ජනතාවට බෙදාහැරීම සඳහා සහණදායි පියවරක් ලෙස සමුපකාර සමිති වලට ලබාදීම සිදු කෙරේ.

අවසන් ටෙන්ඩරයේදී ලංකා සීනි සමාගම විසින් පෞද්ගලික ගැණුම්කරුවන්ට රතු සීනි කිලෝවක් රුපියල් 340 බැගින් අලෙවි කරද්දී, සමුපකාර සමිතිවලට කිලෝවක් අලෙවි කර ඇත්තේ රුපියල් 300 කටය.

සමුපකාර සමිති මගින් මෙලෙස ලබාගන්නා සීනි තොග වැඩි මිලට පෞද්ගලික අංශයට අලෙවි කර ඇති බව පැවසේ.

කෙසේ වෙතත් අඩු මිලට සීනි නිකුත් කරන සමුපකාර සමිති තෝරා ගනු ලබන්නේ දේශපාලන මැදිහත්වීම් මත බව පෞද්ගලික ගැනුම්කරුවෝ පවසති. 

සීමාසහිත හසලක විවිධ සේවා සමුපකාර සමිතියට සීනි කිලෝ පනස් දහසක් ලබා ගැනීම සඳහා රුපියල් එක් කෝටි හතළිස් තුන් ලක්ෂ පනස් දහසක මුදලක් තැන්පත් කළ බවට ලිපියක් ලංකා සීනි සමාගමට ඉකුත් මාර්තු මස 07 වැනිදා යොමුකර ඇති අතර, මෙම සීනි තොගය රැගෙන යෑමට මාර්තු මස 08 වැනිදා ලොරි දෙකක් යොමු කරන බව ද එහි සඳහන් කර තිබේ. 

නමුත් මේ සම්බන්ධයෙන් හසලක විවිධ සේවා සමුපකාර සමිතිය කියා සිටියේ එවැනි සීනි තොගයක් සමිතියට නොලැබුණු බවය. 

ඒ අනුව පෙනී යන්නේ එම සමුපකාර සමිතිය නමින් ලබාගත් සීනි මගින් වංචනිකව රුපියල් ලක්ෂ 20 ක් උපයා තිබෙන බවය.

මේ ආකාරයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදූව සහ ඉහළ ලේල්වල සමුපකාර සමිති නමින් ද සීනි මිටි 700 ක් යවා වංචනිකව මුදල් උපයා ඇතැයි පැවසේ.

ලංකා සීනි සමාගමේ පරිපාලනය කියා සිටින්නේ මෙවැනි ආකාරයෙන් සීනි වංචාවක් සිදුවී තිබෙන බවට තහවුරු වුවහොත් ඊට විරුද්ධව පියවර ගන්නා බවය.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved