Connect with us

පුවත්

රතු හාල් හිඟයට හේතුව වසන්ත පැහැදිලි කරයි

Published

on

වෙළඳපොළේ පවතින රතු සහල් හිඟය පිළිබඳව වෙළඳ,වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ.

ඒ අනුව ඔහු පැවසුවේ පසුගිය රජයන් විසින් සිදුකළ ක්‍රියාවන් හේතුවෙන් මෙවර රතු සහල් හිඟයක් ඇති වූ බවය.

“අද දවසේ තෛපොංගල් බත උයන්න රතු සහල් වුවමනා වෙනවා කියලා අපි දන්නවා. ඒ නිසා රතු සහල් හිඟයක් තියෙනවා කියලා අද සමාජයේ කතාබහක් ඇති වෙලා තියෙනවා.

වෙළෙඳපොළේ සහල් නැතිවීම පිළිබඳව ජනතාව මට දුරකථන ඇමතුම් ලබා දෙනවා. රතු සහල් මෙහෙම වෙන්නේ ඇයි කියන කාරණය මම කියන්න කැමතියි. විශේෂයෙන්ම රතු සහල් වගාකිරීම් කරන්නේ මාතර, ගාල්ල, හම්බන්තොට, දකුණ වගේම නැගෙනහිර පළාත වැනි ප්‍රදේශවල මේ වී වගාකරන ප්‍රදේශවල මෝල්වල වගේම, ගබඩා සම්බන්ධවත් අපි සමීක්ෂණයක් කළා. ඒ අනුව ගත්තාම අපිට දැනෙනවා පසුගිය 2024 වර්ෂයේ හෙක්ටයාර් 277,315ක් අපේ රටේ රතු සහල් වගා කරලා තියෙනවා. 2024 යල සහ මහ කන්න දෙකම ඒ අනුව වගා කරලා තියෙනවා. මේ අනුව වී මෙට්‍රික් ටොන් මිලියන 1.1ක් අස්වැන්න ලැබිලා තියෙනවා.

දැන් පටන් ගන්නේ මහ කන්නයේ අස්වැන්න. 2024 මහ කන්නයේදී වගා කරලා තියෙනවා හෙක්ටයාර 277,000 මුළු අවුරුද්දෙම යල කන්නයේදී වගා කරලා තියෙන්නේ හෙක්ටයාර ලක්ෂයයි. යල කන්නයේදී වී අස්වැන්න ලැබිලා තියෙන්නේ හාරලක්ෂ තුන්දහස් අනූ හතක් වගේ ප්‍රමාණයක්, හත්ලක්ෂ හයදහසක් ලැබිලා තියෙනවා මහ කන්නයේදී. දැන් අපි සූදානම් වෙන්නේ 2025 මහ කන්නයට. 2025 මහ කන්නයේදී වගා කරලා තියෙනවා හෙක්ටයාර එක්ලක්ෂ හැට එක් දහස් හැට හතක් රතු වී සඳහා වගා කරලා තියෙනවා. අපේක්ෂා කරලා තියෙන වී අස්වැන්න මෙට්‍රික් ටොන් හයලක්ෂ හතලිස් අටදහස් දෙසීය දාසයක්. ඒ අනුව 2025 අවුරුද්දට රතු සහල් හිඟයක් ඇති වෙන්න විදිහක් නෑ.

2024 හිටපු ආණ්ඩු කරපු සමහර අමනෝඥ වැඩ නිසා තමයි අද තෛපොංගල් බත උයාගන්නත් බැරි වෙලා තියෙන්නේ.පහුගිය ජනාධිපතිවරණයට පෙර ඔබට මතක ඇති රතු සහල් කිලෝ 20ක් ලැබුණා රතු සහල් කන්නේ නැති මිනිස්සුන්ටත් ගිහින් රතු සහල් දුන්නහම සහල්වල හිඟයක් කල්පනා කරන්න තිබුණා. ඒ වෙලාවේ කිලෝ 20 ගානේ රතු සහල් අරන් ගිහින් දුන්නා රතු හාල් කන්නේ තැනි මිනිස්සුන්ටත් කන්න කියලා සුදු හාල් කන මිනිස්සුන්ට අවසානෙදි වුණේ රතු සහල්වල හිඟය එගොල්ලේ හැදෙව්වා.”

පුවත්

“විසුම්පාය” සංචාරක ව්‍යාපෘතියකට බදු දෙයි

Published

on

By

රාජ්‍ය නායකයන් රැසක් සිය නිල නිවාසය ලෙස පාවිච්චි කරන ලද “විසුම්පාය” ගොඩනැගිල්ල සංචාරක ව්‍යාපෘතියක් වෙනුවෙන් බදු දීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු කරගෙන යන බව නිවාස ඉදිකිරීම් සහ නාගරික සංවර්ධන අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පැවසීය.

යටත් විජිත සමයට අයත් වූ විසුම්පාය ව්‍යාපාර පවරා ගැනීමේ පනතේ 35 වැනි වගන්තිය යටතේ 1971 වර්ෂයේදී රජය සතු දේපළක් ලෙස රජයට පවරා ගනු ලැබීය.

මෙම සුවිසල් ගොඩනැගිල්ල තමන්ගේ නිල නිවාසය බවට පත්කරගත් දේශපාලනඥයෝ රැසක් වෙති. ඒ පිරිසට සිරිමාවෝ බණ්ඩාරනායක, දි.මු. ජයරත්න, අනුරුද්ධ රත්වත්තේ, ලක්ෂ්මන් කදිරගාමර්, මංගල සමරවීර, මහාචාර්ය ජී, එල්. පීරිස් යන අය ඇතුළත්ය.

විසුම්පාය කොළඹ පිහිටා ඇති සුන්දර ගොඩනැගිල්ලකි. ඉන්දීය හිටපු අගමැතිනි ඉන්දිරා ගාන්ධි, ලංකාවට පැමිණි අවස්ථාවේදී ඇයගේ නවාතැන වූයේද විසුම්පායයි.

මූලාශ්‍රය – ලංකාදීප

Continue Reading

පුවත්

යුද අපරාධ සහ වගවීමේ වැඩසටහන් රැසකට අමෙරිකානු අරමුදල් නතර කිරීමට නිර්දේශ – ශ්‍රී ලංකාවත් ඒ අතර

Published

on

By

විවිධ රටවල සිදුවූ බව කියන යුද අපරාධ සහ ඊට අදාළ වගවීමේ ක්‍රියාවලිය වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් 24කට ආසන්න සංඛ්‍යාවක් සඳහා අමෙරිකානු අරමුදල් සැපයීම නතර කිරීමට ධවල මන්දිරය නිර්දේශ කර තිබේ.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන්නේ මෙලෙස අරමුදල් නතර කිරීමට පියවර ගෙන ඇති වැඩසටහන්වලට අදාළ රටවල්වලට ශ්‍රී ලංකාව, ඉරාකය, සිරියාව සහ රුසියාව ද ඇතුළත් බවය.

Continue Reading

පුවත්

වසර 5 ක් තුල සැකකරුවන් 79ක් මියයයි

Published

on

By

වසර 5 ක් ඇතුළත පොලිස් අත්අඩංගුවේ සිටියදී හා අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරුවන් 79 දෙනෙකු මියගොස් ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

එහි කොමාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් 49 ක් හා අත්අඩංගුවට ගැනීමට යාමේදී  30 දෙනෙක් එලෙස මියගොස් ඇති බවය.

ඒ තත්ත්වය යටතේ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේදී හා අත්අඩංගුවට ගැනීමෙන් පසු කටයුතු කල ආකාරය සම්බන්ධයෙන් පොලීසිය වෙත මාර්ගපෝදේශයක් නිකුත් කිරීමට කටයුතු කළ බව නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ය.

එම මාර්ගෝපදේශය වැඩබලන පොලිස්පතිතුමා විසින් චක්‍රලේඛයක් ලෙස සියලු පොලිස් ස්ථාන වෙත යොමුකර ඇතැයිද නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved