Connect with us

පුවත්

රථවාහන ගමනාගමනය සීමා කිරීම ගැන පණිවිඩයක්

Published

on

කුරුණෑගල, රිදීගම රිදී විහාර ඇසළ මහා පෙරහර වෙනුවෙන් රථවාහන ගමනාගමන සීමා කෙරෙන බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.

රිදීගම රිදී විහාර ඇසළ මහා පෙරහර අද (30) සවස 6.30 සිට රිදීගම නගරය ආශ්‍රිතව වීථි සංචාරය කිරීමට නියමිතය.

මෙම පෙරහැර ඉහත කාලට තුළ විහාරස්ථානයෙන් ආරම්භ වී කුරුණෑගල – කැප්පැටිගල මාර්ගයේ හුණුගල්කඩුව හංදියේ සිට රිදීගම නගරය දක්වා සහ කටුපිලගොල්ල හංදියේ සිට රිදීගම නගරය දක්වාත්, මාතලේ-රිදීගම මාර්ගයේ රුක්අත්තනගහ හංදියේ සිට රිදීගම නගරය දක්වා ගමන් කර නැවත විහාරස්ථානයට පැමිණීමට නියමිතය.

පුවත්

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්

Published

on

By

අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමේ සංශෝධිත චක්‍රලේඛය ඉදිරි සතියේ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ පැවති චක්‍රලේඛයේ තිබූ අඩුපාඩු රැසක් මගහරවමින් නව චක්‍රලේඛය නිකුත් කරන බවය.

ඒ අනුව සුදුසුම දරුවන් පාසල්වලට ඇතුළු කර ගැනීමට හැකිවන පරිදි එම චක්‍රලේඛය මඟින් ප්‍රතිපාදන සැලසෙන බවද ඔහු සඳහන් කරයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ නීතීවිරෝධී සහ අයථා ක්‍රම මඟින් සිසුන් පාසල්වලට ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයට එමඟින් තිත තබන බවය.

මේ අතර පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ සංශෝධිත චක්‍රලේඛයද ලබන සතියේ නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කරයි.

Continue Reading

පුවත්

නාමල්ගේ නඩුවක් කල් යයි

Published

on

By

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව සැප්තැම්බර් මස 26 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණ අද (27) නියම කළේය.

රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට බව පවසමින් ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 මුදලක් ලබාගෙන සාපරාදී විශ්වාසය කඩකළේ යැයි චෝදනා කරමින් නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා ද අධිකරණය හමුවේ පෙනී සිට ඇත.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළව ලැයිස්තුගත කර තිබෙන ලේඛනවලට පරිබාහිර ලේඛන ගණනාවක් ලබාදෙන ලෙස විත්තිය විසින් ඉල්ලා තිබෙන බව සඳහන් කළේය.

එම ලේඛන ලබාදීම සඳහා කල් ලබාදෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලීම් කර ඇත.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ද කියා සිට ඇත්තේ, මෙම නඩුවේ පළමුවන  සාක්ෂිකරුගේ ප්‍රකාශයේ කොටසක් පමණක් තමන්ට ලැබී තිබෙන බවත්, එහි සම්පූර්ණ පිටපතට අවශ්‍ය බවත්ය.

ඒ අනුව විත්තිය ඉල්ලා සිටින ලේඛන ඔවුන් වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස පැමිණිල්ලට නියෝග කළ විනිසුරුවරයා, අනතුරුව නඩුව සැප්තැම්බර් මස 26 වනදා කැඳවන ලෙස නියම කළේය.

එදින මෙම නඩුවට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය පවත්වන බව විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කර තිබේ.

Continue Reading

පුවත්

මාලිමා මන්ත්‍රීන් දෙදෙනෙක් පැහැරගෙන (වීඩියෝ)

Published

on

By

වැලිගම ප්‍රදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වේ.

අද (27) දින වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කර ගැනීමේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව තිබූ අතර එයට පැමිණෙමින් සිටි මාලිමාවේ මන්ත්‍රීවරු දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදහන් කර තිබීම මෙම උණුසුම් තත්ත්වය මතුකිරීමට හේතු වී තිබේ.

මේ වන විට සභාව පැවැත්වීමට ඉඩ නොදෙන තත්ත්වයක් උද්ගතව ඇති බව සඳහන්ය.

මාලිමාවේ මන්ත්‍රීවරුන් දෙදෙනා රැගෙන පැමිණියහොත් පමණක් සභාවේ කටයුතු ආරම්භ කිරීමට යෝජනා වී තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved