මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය (රන්මිණිතැන්න) රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ පවත්වාගෙන යාම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ අනූව මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය – පෞද්ගලික හවුල් ක්‍රමවේදය මත කළමනාකරණය කිරීම සඳහා රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වය සඳහා වූ ජාතික නියෝජිතායතනයේ නිර්දේශ ලබා ගැනීමට නියමිතය.
මේ බව 2023-05-02 වැනිදා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබුණි.
ඒ අනුව, එකී නියෝජිතායතනයේ නිර්දේශ මත පදනම්ව මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම සඳහා සුදුසු ආයෝජකයෙකු හඳුනා ගැනීම පිණිස ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීමටත්, හඳුනාගනු ලබන ආයෝජකයා සමඟ වසර 30ක කාලයක් සඳහා බදු ගිවිසුමකට එළඹීමටත් නියමිතය.
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙන බව සඳහන්ය.