Connect with us

පුවත්

රන් ගෙනා කතුන් ගුවන්තොටේදී කොටුවෙයි

Published

on

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ‌රැගෙන ආ රුපියල් කෝටි 4කට ආසන්න වටිනාකමින් යුත් ස්වර්ණාභරණ තොගයක් සමඟ කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඉන් එක් කාන්තාවක් 26 හැවිරිදි ඉන්දීය ජාතික ව්‍යාපාරික කටයුතු වල නිරත තැනැත්තියක වන අතර ඇය ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරණ ගුවන් යානයෙන් ඊයේ (14) උදෑසන 08.45 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

ඇය විසින් රුපියල් දෙකෝටි හැත්තෑ දෙලක්ෂ හැත්තෑ පන් දහස් නවසිය අසූ පහක් වටිනා කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 748 ක් බරැති ස්වර්ණාභරණ තොගයක්, විශාල රෙදිපිළි තොගයක් අඩංගු ගමන් මලු කීපයක් අතර පාර්සල් 08 ක් ලෙස සකස් කර සගවා ගෙන පැමිණ තිබුණි.

අනෙක් කාන්තාව 34 හැවිරිදි කොළඹ, ජම්පටා වීදියේ පදිංචි, ව්‍යාපාරික කටයුතු වල නිරත ශ්‍රී ලාංකිකයෙකි.

ඇය ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 273 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (15) අලුයම 05.50 ට පැමිණ තිබූ අතර ඇය විසින් රුපියල් කෝටියක් පමණ වටිනා ග්‍රෑම් 516 යි මිලි ග්‍රෑම් 907 ක් බරැති ස්වර්ණාභරණ තොගයක් ඇගේ පපු ප්‍රදේශයේ සගවා ගෙන පැමිණ තිබුණි.

මෙම කාන්තාවන් දෙදෙනාම කටුනායක ගුවන් තොටුපොළ රේගු කටයුතු ඇතුළු සියලු පරීක්ෂණ නිමවා ගුවන් තොටුපොළෙන් පිටතට යමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබීම විශේෂත්වයකි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් මෙම කාන්තාවන් දෙදෙනා සහ ඔවුන් විසින් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ ස්වර්ණාභරණ තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දී තිබේ.

පුවත්

කොළඹ – ගුවන් තොටුපොළ නව බස් සේවයක්

Published

on

By

කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා පෞද්ගලික බස් රථ සේවයක් අරඹා තිබේ.

මින් පෙර ඇවරියවත්ත බස් නැවතුම්පොළින් ගමන් අරඹන ලද මෙම බස් රථ සේවය ඊයේ (05) සිට ගුවන්තොටුපොළින් ගමන් අරඹා තිබෙන බව සඳහන්ය.

දැනට පෞද්ගලික අංශය සතු බස් රථ ධාවනයේ යෙදවීමට නියමිත අතර ඉදිරියේ දී ගමන් මලු රැගෙන යාමේ පහසුව සහිත බස් රථ යෙදවීමට බලාපොරොත්තු වන බව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පවසයි.

මෙම බස් රථ වල සේවක මහතුන්ට ජනතා හිතවාදී සේවයක් සැපයීම සඳහා නිසි පුහුණුවක් ලබා දීමෙන් පසුව සේවයේ යොදවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම බස් රථ සේවයෙන් රුපියල් 290ක් වැනි මුදලකට කටුනායක සිට කොළඹ බලා පැමිණීමේ අවස්ථාව හිමිවනු ඇත.

ගුවන්තොටු‍පොළ අධිකාරිය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ රජයේ මඟ පෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය අරඹා තිබේ.

Continue Reading

පුවත්

පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම අද

Published

on

By

මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය  ඩිජිටල්කරණයට ලක් කරමින් පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම අද (05) සිදු කෙරේ.

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුළ සුවිසල් පරිවර්ථනයක් සනිටුහන් කරමින් සෞඛ්‍ය සේවා පද්ධතිය  ඩිජිටල්කරණයට ලක් කරමින් පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධාන්වයෙන් අද (05) පෙරවරුවේ තඹුත්තේගම මූලික රෝහල කේන්ද්‍ර කරගනිමින් දියත් කිරීම  සිදු කෙරනු ඇත.

මෙම පද්ධතිය මෙරට සෞඛ්‍ය පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ සුවිශාල ඉදිරි පියවරක් වශයෙන් සැලකෙන අතර රට තුළ සෞඛ්‍ය සේවා ප්‍රතිසංවිධාන කිරීමේ විශාල සැලැස්මක කොටසක් ද වේ.

වඩා හොඳින් සම්පත් භාවිත කිරීමටත් සංවිධානාත්මක සත්කාර ලබාදීමටත් දත්ත මත පදනම් වූ තීරණ වේගවත්ව ලබාදීමටත් ඉන් හැකියාව ලැබෙනු ඇත.

මෙහි ක්‍රියාකාරීත්වය පරික්ෂා කිරීම සඳහා තඹුත්තේගම සහ දඹුල්ල අවට රෝහල් මෙන්ම සෞඛ්‍ය මධ්‍යස්ථාන 31 ක් ආවරණය වන පරිදි නියමු ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මකය

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයි (සජීවී විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කර තිබේ.

එහි සජීවි විකාශය ඉහතින් දැක්වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved