පුවත්

රන් ජෙල් සමග ඩියුටි ෆ්‍රී සේවිකාව අත්අඩංගුවට

Published

on

රුපියල් කෝටි දහයකට අධික වටිනාකමක් සහිත රත්තරන් ජෙල් ද්‍රාවණයක් අඩංගු පාර්සල් 04 ක් තම සිරුරේ රහස් ප්‍රදේශයේ සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට රැගෙන යමින් සිටි ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවිකාවක්  අත් අඩංගුවට ගත් බව එම ආරක්ෂක අංශයේ උසස් නිලධාරීවරයෙක් පැවසීය.

24 හැවිරිදි මෙම තරුණිය කටුනායක ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ රූපලාවන්‍ය භාණ්ඩ අලෙවි කරන සාප්පුවේ සේවිකාවකි.

කිලෝ ග්‍රෑම් 05 කට අධික බරකින් යුතු රත්තරන් ජෙල් අඩංගු පාර්සල් 04 ක් සිය සිරුරේ රහස් ප්‍රදේශයේ සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළෙන්  අද උදෑසන  පිටතට යමින් සිටියදී , ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් පිරිසක් , මෙම සිදු වීම , ගුවන් තොටුපොළ ආරක්ෂක කැමරා පද්ධතියෙන් නිරීක්ෂණය කිරීමෙන් පසු මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .

මේ වනවිට මෙම තරුණිය සහ එසේ අත් අඩංගුවට ගෙන ඇති රත්තරන් ජෙල් තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දී තිබේ .

(ලංකාදීප)

Trending

Exit mobile version