පුවත්

රනිල්ගෙන් පසුව බැසිල්, ඉන්දීය මහ කොමසාරිස් හමුවෙයි 

Published

on

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (27) ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවී සාකච්ඡා කර තිබේ.

මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඒ බව සඳහන් කළේ, x පණිවුඩයක් නිකුත් කරමින් ය.

දේශපාලන තත්ත්වය ඇතුළු අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන කරුණු පිළිබඳව එහිදී සුහදව සාකච්ඡා කළ බව එහි දැක්වෙයි.

බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාව සමඟ ඉතා කිට්ටුවෙන් ගනුදෙනු කරන දේශපාලකයකු ලෙස සැලැකෙන අතර, ඔහු ඉන්දීය මහ කොමසාරිස්වරයා හමුවීමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට දින කිහිපයකට පෙර මුණ ගැසී තිබිණි.

කෙසේවුවද, ඒ හමුවේදී සිදු කළ සාකච්ඡා සම්බන්ධයෙන් දෙපාර්ශවයම කිසිවක් අනාවරණය කර නොතිබිණි.

බැසිල්, ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධූරයෙන්ද ඉවත්වීමෙන් පසුව වීම ද විශේෂිතය.

මේ අතර, ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා හා විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අතර ද හමුවක් සිදුව තිබේ.

ඒ සම්බන්ධයෙන්ද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය X පනිවුඩයක් නිකුත් කර ඇත.

සබැඳි පුවත්
බැසිල් යළි රනිල් හමුවෙයි 

Trending

Exit mobile version