ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ජයග්‍රහණයට සුබපැතුම් එක්කර තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ නායකත්වය පිළිබඳව එරට ජනතාව තුළ ඇති විශ්වාසය පිළිබඳව මෙමගින් මනාව තහවුරු වන බව එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
එසේම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති සබඳතාවයන් ශක්තිමත් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.