Connect with us

පුවත්

රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

Published

on

හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා ලබන බ්‍රහස්පතින්දා (17) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.

රටේ දේශපාලන හැසිරීම් මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමට මෙමගින් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

ජනාධිපතිවරණයෙන් පසුව ඔහු ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන පළමු අවස්ථාව මෙයයි.

පුවත්

යළි දැනුම්දෙන තුරු ශ්‍රීලන්කන් ලාහොර් ගුවන් ගමන් නවතී

Published

on

By

ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකාවේ සිට පාකිස්තානයේ ලාහෝර් දක්වා වන සියලුම ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කර තිබේ.

ඉන්ඳු – පකිස්තාන් යුද ගැටුම් සමඟ අද (08) උදැසන පකිස්තානයේ ලාහෝර් නුවර පිපිරිම් 3ක් ද වාර්තා විය.

Continue Reading

පුවත්

පාඨලීට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

Published

on

By

තමා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන අධි චෝදනා පත්‍රය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනය නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදුකළ රිය අනතුරක් පිළිබඳව සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් අධි චෝදනා පත්‍රය ගොනු කර තිබුණි.

එමෙන්ම මෙම විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබෙන අධි චෝදනා පත්‍රය විභාගයට ගන්නා ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කොළඹ මහාධිකරණයට නියම කර ඇත.

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර තිබේ.

Continue Reading

පුවත්

විදුලි බිල ඇත්තටම වැඩිවෙයි ද? (UPDATE)

Published

on

By

පවතින තත්ත්වය තුළ විදුලි බිල ඉහළ නොදමා සිටිමේ බලාපොරොත්තුවෙන් රජය සිටින බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පැවසීය.

අද (08) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා විසින් පැනයක් යොමු කරමින් අසා සිටියේ IMF උවමනාව අනුව ඉදිරියේ දී විදුලි බිල ඉහළ දැමීමට රජය කටයුතු කරන්නේ ද ? යනුවෙනි.

ඊට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, රජයට විදුලිබිල ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් නොමැති වුවත් ණය ගෙවීම සඳහා විදුලිබිලෙන් ලැබෙන දායකත්වය ඉහළ බවය.

කෙසේවෙතත් ලබන මාසයේ මුල් සතිය වනවිට මේ සම්බන්ධයෙන් නිවැරදි අදහසක් පළ කළ හැකි බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

“ඇත්තටම අපිටත් ඕනේ ගෙවල්වලට වගේම කර්මාන්ත සඳහා අවම මිලට විදුලිය ලබාදෙන්න. ඒක තමා අපේ ප්‍රමුඛ අරමුණ. සමහර වෙලාවට ඔබතුමන්ලාම අනිත්පැත්තට කෑ ගහනවා. එක පැත්තක අඩු කරනවා කියනවා. ගන්න මිල අඩුකරලා තමා දෙන මිලත් අඩු කරන්නේ. අනිවාර්යෙන්ම අඩු කිරීමේ හෝ වැඩි නොකර සිටීමේ අරමුණින් තමා අපි වැඩ කරන්නේ. මොකද මේ තත්ත්වය තුළ අපි කටයුතු කරන්නේ. අපි කොහේවත් IMF කිව්වා කියලා වැඩිකරලා නෑ. එහෙම තීරණයක් අරගෙනත් නෑ. විදුලිබල මණ්ඩලය ගණනයන් තාම භාරදීලත් නෑ. මේ මාසේ අග ලබන මාසේ මුල වෙද්දි තමා මහජන උපයෝගීතා කොමිසමෙන් ගන්නේ. තාම තීරණය කරලා නෑ. අපි සුබවාදීව හිතනවා වැඩිකිරීමට නොයා ඉන්න. නමුත් අනිත් පැත්තෙන් ගොඩක් දේවල් තියෙනවා. ණය තියෙනවා. ණය ගෙවීමේ යම් පංගුවක් විදුලිබිලට එකතු වෙන්න තියෙනවා. ලබන මාසේ මුල වෙද්දි අපිට කියන්න පුළුවන්. ඒ වගේ නෙගටිව් තැනක ආණ්ඩුව නෑ.”


(පෙර පුවත 2025 මැයි 08 පෙ.ව.7.36 )

විදුලි ගාස්තු සංශෝධනය ලඟදීම?

මේ වසරේ දෙවන විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ලංකා විදුලිබල මණ්ඩලය විසින් එළැඹෙන සතිය තුළ ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එම කොමිසමේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසුවේ ජුනි, ජුලි මාසය තුළ විදුලි ගාස්තු සංශෝධනයක් සිදුවන්නේ නම් අදාළ යෝජනා මැයි මාසය තුළ සිය කොමිසම වෙත ලැබිය යුතු බවය.

විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා කොමිසම වෙත ලැබීමෙන් අනතුරුව එකී යෝජනා අධ්‍යයනය කර සති 03ත් 6ත් අතර කාලය තුළ කොමිසමේ තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

එම කාලය තුළ අදාළ යෝජනා සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම ද සිදුවේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් විදුලි ගාස්තු සංශෝධනයක් සිදුකරන ලෙස ඉල්ලීමක් කර ඇති අතර ඒ අනුව ඉදිරියේදී විදුලි ගාස්තුව සංශෝධනය කරන බවට රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

කෙසේවෙතත් ඊට අදාළ යෝජනා මෙතෙක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ලබා දී නොමැති බව වාර්තා වේ.

මේ වසරේ පළමු විදුලි ගාස්තු සංශෝධනය පසුගිය ජනවාරි මස 17 වැනිදා සිදුවු අතර එහිදී විදුලි ගාස්තු සියයට 20කින් අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කළේය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved