පුවත්

රනිල්ගේ අයවැයෙන් ආරක්ෂක බජට් එක කැපෙයි!

Published

on

ලබන වසර (2023) සඳහා වන අයවැය මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) පස්වරු 1.30ට විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ජනාධිපතිවරයා විසින් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විසර්ජන පනත් කෙටුම්පත අනුව මෙවර වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයටය.

එය රුපියල් කෝටි අසූ පන්දහස් හයසිය විසි පහකි.

මුදල් අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි හැට එක් දහස් තුන්සිය අනූ තුනකට අධික මුදලක් ද ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි හතළිස් එක් දහසක් ද වෙන් කර තිබේ.

අයවැය ඉදිරිපත් කෙරෙන අද පාර්ලිමේන්තුවේ විශේෂ ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගිය 10 වැනිදා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබිණි.

Trending

Exit mobile version