Connect with us

පුවත්

රනිල්ගේ ආරක්ෂක රියකට රිලා අරියාදුවක්; පරීක්ෂණ මොනරාගල පොලිසියට

Published

on

මොනරාගල නගරයේ සතිපොළ භූමියේදී ඉකුත් 29 වැනිදා පැවති ජනාධිපතිවරණ රැලියකට සහභාගීවීම සඳහා පැමිණි ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක ජීප් රථයකට රිලවුන් රැලක් විසින් අරියාදුවක් කර ඇතැයි වාර්තා වේ.

එම ජීප් රථය මාර ගසක් යට නතර කර තිබියදී එම ගසේ සිටි රිළවුන් පිරිසක් ඒ මේ අත දුවන්නට පටන්ගෙන ඇති අතර එම සතුන්ගේ හැසිරීමත් සමඟ එහි වූ දිරච්ච අත්තක් ජීප් රිය මතට කඩා වැටී තිබේ.

ජනාධිපතිවරයා මොනරාගල නගරයේ තිස්සපාරේ තේ පැන් සංග්‍රහයක් බුක්ති විඳීමට ගිය අවස්ථාවේ ඔහුට ආරක්ෂාව සැපයූ ස්කෝපියෝ වර්ගයේ ජීප්රථයකට මේ ඇබැද්දියට මුහුණදීමට සිදුව ඇත.

ජනාධිපතිවරයා ආපසු පිටත්ව යාමට සූදානම්ව සිටියදී නිවස ඉදිරිපිට ජීප්රථය නවතා තිබූ ස්ථානයේ මාර ගසක අත්තක සිටි මෙම රිළවුන් රංචුව කලබල වී ගසේ අතු මත ඔබමොබ දිවගොස් ඇත. 

එහිදී ගසේ දිරාගිය අත්තක් ජීප්රථයේ බොනට්ටුව මතට කඩා වැටී ඇත. 

ඉන් බොනට්ටුවේ මැදරාමුවාව සහ බොනට්ටුවේ අගුලට හානි සිදුවී තිබේ. 

සිද්ධිය පිළිබඳව මොනරාගල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මූලාශ්‍රය – අරුණ

පුවත්

ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

Published

on

By

ගම්පහ ප්‍රදේශ කිහිපයකට ලබන බදාදා (11) පෙරවරු 8. 30 සිට පැය 10 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ බියගම ජල පවිත්‍රාගාරයේ ස්ථාපිත සූර්ය බල විදුලි පද්ධතිය ප්‍රධාන පද්ධතිය හා සම්බන්ධ කිරීමේ හා වැඩි දියුණු කිරීමේ කාර්ය හේතුවෙනි.

පෑලියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක, සීදූව නගර සභා බල ප්‍රදේශ මෙන්ම කැළණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල, කටාන, මිනුවන්ගොඩ හා ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව නිවේදනය කරි.

ජල සැපයුම අත්හිටුවීමෙන් පාරිභොගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳ මණ්ඩලය කණගාටුව පළකර සිටියි.

ඉතා අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙසයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි.

Continue Reading

පුවත්

ඇමරිකාව හා චීනය අතර වෙළඳ සාකච්ඡා අද ලන්ඩනයේ දී

Published

on

By

ඇමරිකාව හා චීනය වෙළඳ සාකච්ඡා සඳහා ලන්ඩනයේදී අද (09) හමුවීමට නියමිතය.

ඇමරිකාව හා චීනය අතර වෙළඳ යුද්ධය අවසන් කිරීම අරමුණු කරගනිමින් නව සාකච්ඡා වටයක් අද (09) ලන්ඩනයේදී පැවැත්වෙනු ඇත.

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සිකුරාදා නිවේදනය කළේ ජ්‍යෙෂ්ඨ ඇමරිකානු දූත පිරිසක් චීන නියෝජිතයන් හමුවන බවය.

එමෙන්ම චීන උප අගමැති හේ ලීෆෙන්ග් සාකච්ඡාවලට සහභාගී වන බව තහවුරු කර තිබේ.

දෙරටම ආනයන බදු අඩු කිරීම සඳහා එකඟ වූ නමුත් රටවල් දෙකම ගිවිසුම කඩ කළ බවට ද චෝදනා එල්ල වේ.

ඇමරිකා භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්, වාණිජ ලේකම් හොවාර්ඩ් ලුට්නික් සහ වෙළඳ නියෝජිත ජේමිසන් ග්‍රියර් මෙම සාකච්ඡා සඳහා එකවනු ඇත.

චීන විදේශ අමාත්‍යාංශය පැවසුවේ උප අගමැතිවරයා ජූනි 8 සිට 13 දක්වා බ්‍රිතාන්‍යයේ රැඳී සිටින බවය.

Continue Reading

පුවත්

ගම්මන්පිල CID එයි (වීඩියෝ)

Published

on

By

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

ඒ ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම සම්බන්ධව සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ, එම බහාලුම් 323ට අදාළ ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන බවය.

එමෙන්ම එම සිද්ධියට අදාළ තීන්දු තීරණ ගනු ලැබූ නිලධාරීන් රටින් පිටවීමේ උත්සාහයක් ගන්නා බවට තොරතුරු ඇති බවත් ඊට අදාළව විදෙස් ගමන් තහනමක් පනවන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවත් උදය ගම්මන්පිල මහතා මෙහිදී පැවසීය.

තමා සතුව සත්‍ය කරුණු ඇති බවත් කිසිවිටෙකත් සාක්ෂි නොමැතිව මෙවැනි චෝදනාවක් සිදුනොකරන බවත් පැවසු ඒ මහතා මේ පිළිබඳ වහාම විමර්ශනයක් සිදුකළ යුතු බවත් කියා සිටියේය.

වීඩියෝ – අද දෙරණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved