Connect with us

පුවත්

“රනිල්ගේ ගේම් මොනවද,මහින්දගේ ගේම් නේ ගේම්”

Published

on

ජනාධිපති ධූර කාලය සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් ඉදිරිපත් කිරීමට සූදානම් වන සංශෝධනය පාර්ලිමේන්තුවේ විවාද කළ යුතු එකක් නොවන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසyi.

ඒ අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5 ක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් හා ප්‍රායෝගිකව ඔප්පු වී ඇති බව අද (11) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කleaya.

ඔහු පවසා සිටියේ රනිල් වික්‍රමසිංහ නැමති සූත්තරකරුවා කුමන හෝ ගැටයක් ගසා ධූර කාලය දීර්ඝ කර ගනු ඇති බවට මන්ත්‍රීවරුන් තුළ අදහසක් ඇති බවත්, රට තුළ ජනාධිපතිවරණය පවත්වන්නේද නැද්ද සම්බන්ධයෙන් ව්‍යාකූලත්වයක් මතුව ඇති බවය.

රනිල් යනු ගැට කාරයෙක් හෝ සූත්‍ර කාරයෙක් නොවන බවත්, සිදුවන්නේ ජනාධිපතිවරණ පැවැත්වීම, ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ පරාජයට පත්වීම හා ඔහු සාමකාමීව ගෙදර යාම බවත්, රනිල් වික්‍රමසිංහගේ ඔලුවෙන් ගැසූ සෑම ගේමක්ම පරාජයට පත්වූ බවත්, ආණ්ඩු මෙහෙයවනවාට වඩා වැඩියෙන් ඔහු පක්ෂය මෙහෙයවා ඇති බවද අනුර කුමාර දිසානායක මහතා සඳහන් කleaya.

වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා

“ගේම් නම් මහින්ද, මහින්ද රාජපක්ෂ ගේම් මාස්ටර්. පක්ෂ කඩලා තියෙනවා. අරන් තියෙනවා. ගේම් නම් ගේම්. මේ මොන ගේම්ද රනිල්ගේ”.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved