Connect with us

පුවත්

රනිල්ගේ චරිතාපදානය රනිල්ම ලියන්න ගනියි

Published

on

තමන්ගේ වසර 50 ක දේශපාලන ජීවිතය අළලා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වකීය චරිතාපදානය රචනා කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

1973 වසරේ බියගම ආසන සංවිධායක ලෙස දේශපාලනයට පිවිසි හෙතෙම 1977 සිට 2022 දක්වා පාර්ලිමේන්තුවේ කතානායක ධුරය හැර අන් සියලු තනතුරු දැරූ ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයෙකි.

අනතුරුව 2022 සිට 2024 දක්වා මෙරට 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය.

1994 සිට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දරන රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු දැනට ජාත්‍යන්තර දේශකයෙක් ලෙස කටයුතු කරමින් සිටී.

දැනට මෙරට ජීවතුන් අතර සිටින දේශපාලනඥයන් අතරින් ජ්‍යෙෂ්ඨත්වය අතින් රනිල් වික්‍රමසිංහ මහතා දෙවැනි වන්නේ 1970 පාර්ලිමේන්තුවට පිවිසි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ඇමැති වාසුදේව නානායක්කාර යන මහත්වරුන්ට පමණි.

පුවත්

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (22) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-04-22

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-04-22

Posted by Department of Government Information – Sri Lanka on Monday, April 21, 2025

Continue Reading

පුවත්

යල කන්නයේ පොහොර සහනාධාර අද සිට

Published

on

By

යල කන්නයේ පොහොර සහනාධාර අද සහ හෙට මුදා හරින බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි.

ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ මහතා සඳහන් කළේ දිස්ත්‍රික්ක 09 ක් සඳහා එම මුදල් මුදා හරින බවය.

කුඹුරු හෙක්ටයාර 1ක් සඳහා රුපියල් 25,000 බැගින් හෙක්ටයාර 2කට යටත්ව පොහොර සහනාධාරය ලබාදෙනු ලැබේ.

Continue Reading

පුවත්

කෙහෙළියගේ නඩුවට නීතිපතිගෙන් ඉල්ලීමක්

Published

on

By

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ අනෙකුත් සැකකරුවන් 11 දෙනාට එරෙහි ප්‍රශ්නගත ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් පිළිබඳ නඩු විභාගය සඳහා ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

2018 අංක 9 දරණ අධිකරණ සංවිධාන සංශෝධන පනතේ, 12 වගන්තියේ විධිවිධාන ප්‍රකාරව මෙම ඉල්ලීම සිදුකර ඇති බව සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved