පුවත්

“රනිල්ගේ දරුවෝ” පොහොට්ටු රැස්වීමෙන් පසුව ගැටුමක

Published

on

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාමේ පිහිටි නිල නිවසේ ඊයේ (27)  පැවැති  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීම අවසන් වී විධායක සභිකයින් එළියට එන විට ඇමැති කාංචන විජේසේකර මහතාට සහ රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා විසින් කළ විහිළුවක් දුරදිග ගොස් ඇතැයි වාර්තා වේ.

ගිනිගේ මහතා කංචනට හා ප්‍රමිතට “රනිල්ගේ දරුවෝ වගේනේ..” යැයි පැවසීම නිසා මේ තත්ත්වය ඇතිව තිබේ.

එම අවස්ථාවේ කෝපයට පත් ඇමතිවරු දෙපළ ඔහු සමඟ වාදයක පැටලී ගැටුමක් දක්වා දුර දිග ගිය බවද  මාධ්‍ය වාර්තා කර ඇත.

පොහොට්ටු නීතීඥ කමිටුවේ මුල් පුටුව රසීක්ට

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විනය මණ්ඩලයේ ප්‍රධානීන් ලෙස ජනාධිපති නීතිඥවරු වන රසීක් ශරූක් සහ ඩබ්ලිව්. දායරත්න යන මහත්වරු පත්කර තිබේ.

සාමාජිකයන් හත් දෙනකුගෙන් යුත් එම විනය මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස නීතිඥයන් වන අතුල ද සිල්වා, මංජුල වෙල්ලාලගේ, සරත් අතුකෝරළ, තුෂාරී සූරිආරච්ිචි සහ චමරි පෙරේරා (හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ) යන මහත්ම මහත්මීහූ පත්කර ඇති අතර, විනය මණ්ඩලයටට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පත්නොකිරීමට ද පියවරගෙන තිබේ.

එම පක්‍ෂයේ බේරුම්කාර මණ්ඩලයේ සාමාජිකයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන චමල් රාජපක්‍ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, එස්. බී. දිසානායක, සී. බී. රත්නායක, රෝහිත අබේගුණවර්ධන සහ මංජුලා දිසානායක යන මහත්ම මහත්මීන් පත්කර ඇත.

පක්‍ෂයේ අභ්‍යන්තර ගැටමක් ඇතිවුවහොත් ඒවා විසදීම බේරුම්කාර මණ්ඩලයේ කාර්යභාරයයි.

Trending

Exit mobile version